
දිවයින පුරා සේවයේ නියුතු සංවර්ධන නිලධාරීහු සිය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙති.
මෙම වෘත්තීය පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් වෙත අවස්ථා ගණනාවකදී දැනුම් දීමට පියවර ගත් බවයි. එසේ වුවද, බලධාරීන් පාර්ශ්වයෙන් මෙතෙක් ඒ කිසිදු ගැටලුවක් කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැති බව ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
බලධාරීන්ගේ මෙම නොසලකා හැරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම සංවර්ධන නිලධාරීන් හෙට දිනයේදී මෙලෙස අසනීප නිවාඩු වාර්තා කරමින් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.