update-naomis-funeral-in-japan---dont-spread-lies-a-request-from-her-sister

අවාසනාවන්ත ලෙස ජපානයේදී සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කරන්න යන විට ජීවිතක්ෂයට පත් යූටියුබ් නිර්මාණ ශිල්පිනි නයෝමි චාන් වීරවර්ධන මහත්මියගේ මරණයේ අවසන් කටයුතු ජපානයේදීම සිදුකරන බව ඇගේ නැගණිය අයේෂා ජපානයේ සිට වීඩියෝවක් මුදාහරිමින් දන්වා තිබේ. 
දේහය ලංකාවට නොයවන බවත් මේ වෙනුවෙන් අරමුදල් රැස් කරන වංචනිකයන්ට හසුනොවන ලෙසක් කියන ඇය මේ සම්බන්ධව අසත්‍ය ප්‍රකාශ පතුරන ‍ෆේස්බුක් පේජ් කිහිපයක්ම ගැන කණගාටුව ප්‍රකාශ කර ඇති අතර සිය රසික රසිකාවියන් ලවා රිපෝට් කරන්නටද ඇය කටයුතු කරන ලදි.

ඇය වැඩිදුරටත් ඉල්ලන්නේ රීච් ලබාගැනීමට බොරු ආරංචි පතුරුවන්නට එපා යන්නයි. ඇය කර ඇති සම්පූර්ණ ප්‍රකාශය පහතින්




"මේ වීඩියෝ එක අරගෙන එන්නේ අක්කා ගැනයි බබා ගැනයි අහන අයට. කියන්න තියෙන ප්‍රධානම දේ තමයි මං කලින් වීඩියෝ එකෙත් කිව්වා අක්කා නැතිවෙන්න හේතුව water bag එකේ යට තියෙන liquid එක එයාගෙ blood vessels වලට ගිහිල්ලා heart එක block වීමක් වෙලා තියෙනවා කියලා තමයි එයාගෙ postmortem එකේදි අපිට එයාගෙ මරණ සහතිකය විදිහට දීලා තියෙන්නේ. එතනින් එහාට ලොකු විස්තරයක් මං කියන්න ලොකුවට දෙයක් දන්නෙත් නැහැ මං හිතන්නෙ නෑ එතනින් එහාට ලොකු විස්තරයක් මං පැහැදිලි කරන්න ඕනේ කියලා.

අනිත් දේ තමයි දැනට කියන්න තියෙන්නේ පුතා ගැන. පුතා මේ වෙනකොට සුව වෙමින් ඉන්නවා. එයා ගැන ඊට වඩා විස්තරයක් දැනට කියන්න නැහැ.




ප්‍රධානම දේ තමයි වීඩියෝ එක කරන්න හේතුව අක්කාගෙ අවමංගල්‍ය කටයුතු ජපානයේ ජපන් චාරිත්‍ර වලට අනුව අයියාගේ අනුදැනුමත් එක්ක කරන්න ලෑස්ති කරලා තියෙනවා එළඹෙන සඳුදා, 16 වෙනිදා. හැබැයි කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ ලාංකික කිසිම කෙනෙක්ගෙ සහභාගීත්වයක් එයාලා අනුමත කරන්නේ නැහැ. එක පවුලේ අය විතරක් සහභාගි වෙලා මට මගේ අක්කා වෙනුවෙන් සහභාගි වෙන්න පුළුවන්. ඒ ගැනත් හැමෝටම ගොඩක් ස්තූතියි.

ඔයාලට සහභාගී වෙන්න බැරි එක ගැන කනගාටුවක් තියෙනවා. ඒ වුණාට ඔයාලා දෙන ආදරේ හැමදේටම... කටටම... තේරෙන්නෙ නෑ කියන්න ඇත්තටම ආදරෙයි හැමෝටම. එයා ඉතින් සතුටු වෙයි ඔයාලා ඔය දෙන ආදරේ ඇත්තටම ඇස් දෙකෙන් දකින්න පුළුවන් වුණා නම් මොකද එක එක මාධ්‍ය වලින් කතා කරනවා, එයාගෙ වීඩියෝ share වෙනවා, සමහර ඒවා මටත් බලන්න බැරි තරම්.



අනිත් ප්‍රධානම දේ තමයි එයාගෙ මරණය... sorry, එයාගෙ body එක ලංකාවට යැවීමක් සිද්ධ කරන්නේ නෑ කිසිම වෙලාවක. මොකද ඒ ගැන මම දැනුවත්ව නෑ කිසිම විදිහකින් මොකද මෙහෙ චාරිත්‍ර වලට අවසන් කටයුතු කරන්න අයියා තීරණය කරලා තියෙන නිසා ලංකාවට යවන්නෙ නෑ. හැබැයි ගෙදර අය එයාගෙ හත් දවසේ බණ සහ දානය ලංකාවේ ලෑස්ති කරලා තියෙනවා. එයාගේ ඒක ඒ විදිහට කරගෙන යනවා.

අනිත් දේ තමයි මම දැනුවත් නැතුව කවුරුම හරි සල්ලි ඔයාලගෙන් එකතු කරනවා නම් ඒකට රැවටෙන්න එපා. ඒ ගැන කියලා නම් මට call, message කරන්නත් එපා මගේ කිසිම සම්බන්ධයක් එහෙම දේකට නෑ. මොකද ජීවත් වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි යවන්න වෙන්නෙ ලංකාවට යැව්වොත් එහෙම වුණොත් මං මේ දරාගත්ත දුක ගෙදර අයට දරාගන්න බැරිවෙයි ඒ නිසා අපි ලංකාවට යවන්නෙ නෑ. ඔයාලා එහෙම දේකට සල්ලි දාලා තියෙනවා නම් ඒ දේවල් ඔයාලගෙ පැත්තෙන් විසඳගන්න. මාව සම්බන්ධ කරගන්න එපා.

අනික මාව ගොඩක් අය contact කරගන්න උත්සාහ කරලා තියෙනවා. ඒ හැමෝටමත් ගොඩක් පින්. හැබැයි මේ වෙලාවේ හැමෝටම කතා කරන්න හෝ message කරන්න පුළුවන් වාතාවරණයක මම නැහැ. ඒ නිසා හැමෝටම මේ දක්වන සහයෝගයට ස්තූතියි.

අනිත් දේ තමයි මගේ අක්කාගෙ මරණය විකුණගෙන කන්න එපා. ඒක තමයි මට එකම නංගි විදිහට කියන්න තියෙන්නේ. මගේ අක්කව විකුණගෙන කන්න එපා කිසිම තැනකදි. සල්ලි වලට මගේ අක්කව විකුණන්නත් එපා. ඔයාලගෙ page එකක reach එකක් වෙනුවෙන් බොරු දේවල් දාන්නත් එපා. සමහර දේවල් තියෙනවා මම නොදන්න දේවල් ඔයාලා දන්නේ නැහැ එයා hospital එකට ගියේ කොහොමද කියලා, එයා කාලා ගියේ මොනවද කියන්න. මමවත් නොදැන ඔයාලා කොහොමද ඒවා එහෙම අනුමාන කරන්නේ කියන්නේ කියලා මම දන්නෙ නැහැ. ඒ නිසා පින් සිද්ධ වෙයි මගේ අක්කාගේ මරණය විකුණන් කන්න එපා. කියන්න තියෙන්නේ එච්චරයි. තව මොනවා හරි විස්තර තියෙනවා නම් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්."

gossiplanka image