new-appointment-system-is-secure-despite-cyber-attack-on-motor-transport-department-website

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙම සිදුවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව වේලාවක් කලින් වෙන්කරගෙන පැමිණිය යුතු බව දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.




නිල වෙබ් අඩවිය මෙලෙස සයිබර් ප්‍රහාරයකට ලක්වුවද, එහි වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට (Appointment) ඉන් කිසිදු බලපෑමක් සිදුව නොමැති බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ද පවසා සිටියේ මෙම සයිබර් ප්‍රහාරයෙන් වේලාවක් වෙන්කරගැනීමේ පද්ධතියට බලපෑම් එල්ල වී නොමැති බවය.

ඒ අනුව, නාරාහේන්පිට කාර්යාලයෙන් සේවා ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට සාමාන්‍ය පරිදි appointment.dmt.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට අවශ්‍ය වේලාව වෙන්කරගත හැකි බව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් දැනුම් දී තිබේ.