a-person-dies-in-matale-police-custody-excessive-ice

මාතලේ පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිටියදී හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය සැකකරුගේ මරණයට හේතුව අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.




මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ, අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ සිරුරේ පසෙක තිබී 'අයිස්' මත්ද්‍රව්‍ය අඩංගු පැකට්ටුවක් ද හමුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබීමයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, අම්පිටිය, තිලනාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකි. 'අයිස්' මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සැකය මත අත්අඩංගුවට ගෙන සිටි ඔහු මාතලේ පොලිස් ස්ථානයේ සිරමැදිරියේ රඳවා සිට ඇත.




පසුගිය 20 වැනිදා අලුයම් කාලයේ පොලිස් භාරයේ සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. එලෙස රෝහල්ගත කර සිටියදී අලුයම 12.45ට පමණ එම සැකකරු මියගිය බව පොලීසිය ප්‍රකාශ කරයි.