27-hospitalized-after-two-buses-collide-in-talawakele-photos

විනෝද චාරිකාවක් සහ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් අද (14) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙයි.

අද පෙරවරු 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ නුවරඑළිය, තලවකැලේ - නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේදීය.

නානුඔය පොලිසිය සඳහන් කරන පරිදි, එක් බස් රථයක ගමන් කර ඇත්තේ කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සඳහා පැමිණි වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසකි. අනෙක් බස් රථය වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සඳහා පිරිසක් රැගෙන යමින් තිබී ඇත.

අනතුරින් බස් රථ දෙකෙහිම ගමන් කළ පිරිසට තුවාල සිදුව ඇති අතර, ඔවුන් කඩිනමින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. තුවාලකරුවන් රෝහල්ගත කිරීමේ කටයුතු සඳහා 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මෙන්ම අවට ප්‍රදේශවල වතු කම්කරුවන්ගෙන්ද කඩිනම් සහායක් ලැබී ඇති බව පොලිසිය පවසයි. කෙසේ වෙතත්, රෝහල්ගත කළ පුද්ගලයින් කිසිවෙකුගේත් තත්ත්වය බරපතළ නොවන බව නානුඔය පොලිසිය තහවුරු කර ඇත.

අනතුර හේතුවෙන් බස් රථ දෙකටම හානි සිදුව තිබේ. මෙම ගැටුම සඳහා බස් රථ දෙකෙහිම රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.