update-dragon-hotel-owner-thushara-was-killed-in-nagoda-kalutara

අද (09) උදෑසන කළුතර, නාගොඩ ප්‍රදේශයේ එල්ල වූ සැහැසි වෙඩි ප්‍රහාරයකින් ප්‍රකට අවන්හලක හිමිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය තහවුරු කරයි.

මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ නාගොඩ පිහිටි ඩ්‍රැගන් රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් නමැති ආයතනයේ හිමිකරු වන තුෂාර සම්පත් නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කළුතර, දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණ හරහා මේ වන විට අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ උදෑසන 7.55 ට පමණය. මතුගම දෙස සිට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම අපරාධයට සම්බන්ධ වී ඇති අතර, අවන්හල ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ආසන්නයේදී යතුරුපැදියේ පැමිණි වෙඩික්කරු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය ක්‍රියාත්මක කර තිබේ. මෙම ඝාතනයට හේතුව තවම අනාවරණයවී නැත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඒ සඳහා කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මෙන්ම කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ද එක්ව පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.