
සිරි සමන්තභද්ර (පිටිදූවේ සිරිධම්ම) හිමි මාධ්ය අමතමින් අද (18) පහත ප්රකාශය සිදුකර තිබේ.
"මට මතක් වෙනවා, අර සීගිරි කාශ්යප රජ්ජුරුවෝ, අපි ඉතිහාසය කියවලා තියෙනවා, උන්නැහේ, උන්වහන්සේ තාත්තා මැරුවලු. තාත්තා මැරුවහම, මේ අනුර කුමාර ජනාධිපතිට වගේ රටේ විශාල විරෝධයක් ඇතිවුණාලු.
ඒ ඇතිවුණායින් පස්සේ, සීගිරි කාශ්යප කල්පනා කළාලු, මේ හාමුදුරුවොයි, බෞද්ධයොයි විරුද්ධ වුණොත් පාලනය ගෙනියන්න බැහැ. ඒ නිසා සීගිරි කාශ්යප උපායක් කල්පනා කළා. ඒ උපාය තමයි, සියක් නමක් මාලිගාවට ගෙනල්ලා දානයක් දෙන්න ඕනේ කියලා.
හාමුදුරුවෝ සීයකට ආරාධනා කළාලු, උන්වහන්සේලා ලෑස්ති වුණා එන්න. සියක් නමක් ආවා. ඇවිල්ලා රජ මාලිගාවේදී මාලිගාව ඉස්සරහ හිට ගත්තලු. හිටගෙන එක හාමුදුරු කෙනෙක් නැගිටලා පාත්තරේ අනිත් පැත්ත ගහලා කිව්වලු තාත්තා මරපු එකාගේ බත් අපිට එපා කියලා. ඉතුරු අනූ නමයම පාත්තරේ අනිත් පැත්ත ගහලා පත්ත නිකුජ්ජන කර්මය කළාලු.
අපි ගම් මට්ටමින් සියලු ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා. භික්ෂූන් වහන්සේලාට මඩ ගහන අපහාස කරන, බොරු චෝදනා කරන... දැන් ඔය දැන් මට ගෑණු ළමයි ඉන්නවයි කිව්වනේ. මං අදටත් බලන් ඉන්නවා DNA එක දෙන්න, මේ ඇඟිල්ල හිල් කරන්න ලේ දෙන්න බලන් ඉන්නවා. එකෙක් නෑ.
ඒ බොරු චෝදනා සියල්ලෝන්ටම අපි පත්තිනිකුජ්ජන කර්මය නැවත සිදු කළ යුතුයි."