ඊයේ 15 රාත්රී කාලයේ කොළඹ ජනපති මන්දිරය ආසන්නයේ සිදුවී සිදුවීම් මාලාව ගැන ප්රසිද්ධ යූටියුබ් කරු සුදා (Talk with Sudaththa) අද සිදුකර ඇති විග්රහයේ Text පහත පරිදිය.
"මහා වැස්සක් වැහැලා වැහැලා පෑව්වහම කන්දෙකට දැනෙන සතුට නේ?
ආයුබෝවන්, සුපුරුදු ලෙන්ගතු කමත් අරගෙන ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙනවා සුපුරුදු ලෙස. මහා වැස්සක් වැහැලා වැහැලා පෑව්වහම කන්දෙකට දැනෙන සතුට නේ? ඈ? ගොරෝල ගොරෝල වැස්සට පස්සේ හරි calm and quiet නේ. ඒ වගේ ලොකු මහා වරුසාවක් වැහැලා. වරුසාවෙන් හොඳටම තෙමිලා, හාලා, වැඩේ නාගෙන රීගෙන, ඔන්න සබාතොමෝ සතුටින් නෙමෙයි අසතුටින් විසිර ගියෝය. කවුද? පාතාල සංඝරත්නය හිතේ වෛරයෙන්, වෛරය පෙරදැටි කරගෙන නික්ම යන්නට සිදු වුණා. එතකොට මේකේදී කියන්න තියෙන්නේ තිත්තගල්ල රහත් වුණා, සමන්තභද්ර රහත් වුණා, උලපනේ වලපනේ ගියා, ගුටිකන කසුන් ඉතුරු වුණා, එතකොට තව හිටියනේ එක්කෙනෙක් පාතේගම බබාහුකුන් දාන්න ගියා. ඔන්න ඕක තමයි අවසානයේ හිමිවූයේ හැමෝටම, හොඳේ.
රටේ නීතියක් තියෙන බව මේ හැමෝම දැනගන්න ඕන. මේක බෞද්ධයෝ වැඩිපිරිසක් ඉන්න රටක්. හරි ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගරුතර ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. හැබැයි ගුටිකන කසුන් කියන විදිහට මේක බුද්ධ නීතිය තියෙන රටක්, එහෙම එහෙම නීතියක් නෑ ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවක් තියෙනවා. අන්න ඒ ව්යවස්ථාවට ඔය කියන ඕන කෙනෙක් යටත් බව අද සියයට සියයක් පැහැදිලි වුණා ගරු අධිකරණයෙන් දීපු තීන්දුවට අනුව ඔන්න සබාතොමෝ සතුටින් නෙමෙයි අසතුටින් විසිර ගියා.
දැන් මේගොල්ලෝ මම දැක්කා අද පුවත්පතක තියෙනවා ඊයේ ප්රකාශයක් කරනවා කොටපිටියේ රාහුල එහෙම ගොඩක් දන්නෑ ඕගොල්ලෝ. පිස්ටන් සාදු? පිස්ටන් සාදු මෙන්න මෙහෙම කියනවා. මේ රජය ගතවූ වසර දෙක තුළ හැසිරුණු ආකාරය ගැන අපට සතුටු වන්නට බැහැ. ඔව් බැහැ. ඇයි? නෑනේ ඈ? රජය ඉදිරියට යන්නට නම් නීතිය හරියට සැමට ක්රියාත්මක විය යුතුයි. මේ මොකක්ද මේ ක්රියාත්මක වෙන්නේ පිස්ටන් සාදු? ඈ? මේ පිස්ටන් සාදුට මතක් කරන්නේ මේ ඒක නෙමෙයිද මේ ක්රියාත්මක වෙන්නේ? සැමට නීතිය පොදුයි. හොඳේ? නමුත් අද රජය භික්ෂූන් වහන්සේලාට ආගමික නායකයන්ට හා දේශපාලඥයන්ට විවිධ හිරිහැර කරනවා. කොහෙද යකෝ එහෙම වෙන්නේ? මේ රටේ මතල්ලා එහෙම දෙයක් වෙනවද දකිනවද ඕගොල්ලෝ? රටේ ජනතාව නම් දන්නේ නෑ පිස්ටන් සාදුට පේනවා.
ආ ඒ එයාට පේන්නේ ඔක්කොම නිකන් අමුතු විදිහටනේ පේන්නේ නේ ඒක නිසා හරි. රජය බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැහැ. ආ ඒක තමයි IMF එක කියන්නේ රජය තියෙනවා නම් අපි තව ඉන්නම් කියලා. බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැති රජයක් හොඳේ? එහෙම කරනවා නම් රට තුළ ගැටුම් ඇති වෙන්නේ නැහැ. කවුද මේ ගැටුම් ඇති කරන්න උත්සාහ කරන්නේ කවුද අපි නෙමෙයි ඔහෙලා. හොඳේ? අපි රජයට කියන්නේ ශාසනයට අත තියන්න එපා කියලයි. එතකොට අපි ඕගොල්ලන්ට කියන්නේ රජයට අත තියන්න එපා කියලා. පැහැදිලිව කියනවා ඕගොල්ලෝ ශාසනයේ වැඩකටයුතු ටික ඒවා කරගන්න. බෞද්ධ උපාසක උපාසිකාවන් හැටියට අපි ඒ ශාසනය ඉදිරි පියවර සඳහා ඇප උපස්ථාන කරමින් ඒ බෞද්ධ ජනතාව ඒවා කරයි. හැබැයි ඕගොල්ලෝ රජයට කියන්න එපා මෙන්න මේ දේවල් කරහන් අරක කරහන් මේක කරහන් කියලා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. රජය ශාසනයට අත තියන්න එපා ශාසනය රජයට අත තියන්නත් එපා.
ඒක තමයි ජනතාවාදී රජයත් එක්ක වැඩ කරනකොට, ජනතාවගේ කැමැත්තට රජය කටයුතු කරනකොට, මේගොල්ලන්ගේ අර වරදාන වරප්රසාද ටික තියෙනවනේ, ඈ, V8 එක, BMW එක, පන්සලට ආරක්ෂකයෝ ටික, සිවිල් ආරක්ෂකයෝ ටික, බල්ලෝ බලල්ලු වගේ වැඩ කරගන්න. ඔය පන්සල්, බහුතර දේශපාලනය කරපු හැම පන්සලකම රජයෙන් ආරක්ෂක හමුදාව දීලා තිබ්බා. ඒක තමයි මේ කුපිත වෙලා දඟලන්නේ. ඊයේ දාපු ටෝක් ටික ඕගොල්ලෝ බලන්නකෝ මේ පත්වෙච්ච තත්ත්වයන්.
ඕගොල්ලෝ දන්නවා නිරන්තරයෙන්ම මේ රට අවුලන්න, රට විනාශ කරන්න ඉන්න ප්රධාන පෙළේ මාධ්යයක් තමයි ගූ චැනල් එක. ගූ චැනල් දෙකක් තියෙනවා. ඒකේ සියල්ලට ඉහළින් ඉන්නවා කියන ගූ චැනල් එකේ ඌ තමයි දිගටම ලයිව් දීදී ආවේ නුවර සිටම. දීලා ඇවිල්ලා අවසානයේ මෙතන ලයිව් එක දීගන්න විදිහක් නෑ. අලුත් කෝරස්පොන්ඩන්ට් කෙනෙක් පත් කරා. ඒ කියන්නේ ප්රාදේශීය වාර්තාකරුවෙක් පත් කළා. කවුද? තිත්තගල්ලේ ආනන්ද අපේ මිත්රයා මගේ. ඈ? අන්න ඒ හාමුදුරුවෝ තමයි හිරු වෙනුවෙන් නැත්නම් ගූ චැනල් එක වෙනුවෙන්, දෙරණ වෙනුවෙන් ඔන්න රට විනාශ කරන්න ඕගොල්ලෝ මේ දකිනවා වීඩියෝ එක. බලන්නකෝ මේ වීඩියෝ එක. ඔන්න බලන්න.
ජනාධිපතිතුමාගෙන් අහන්න අපි දෙනවද ඉන්නවට දෙන්නෙ නැද්ද අපි යන්නද. අපිට කියන්න. ඔයාට කොච්චර ඕනද කියලා කියන්න. මට කියන්න බෑ ඔයාට කොච්චර ඕනෙද කියලා. ඉතින් ඔයා අහන්න එතකොට අපි අයින් වෙන්නම් අපිට එච්චර හිතෙන්නෙ නෑ අපි තාම ඉන්නවා. තව ඉන්නවා. දැන් අපි මේ කැමැත්තෙන් ආවා නෙමෙයිනේ මේක මේ වෙලාවෙ වෙන එකක්. ආ... අන්න එයා තමයි මයික් දෙක අල්ලගෙන. ඊට අමතරව දැන් ඊයේ මාර තවුසන්ඩ් ටෝක් දුන්නා නේද කට්ටිය. අපි යන්නේ නෑ. අපි මේක ඉවර කරන්නේ ඥානසාරව අරගෙන මිසක් අපි යන්නේ නෑ. දැන් සැපද? අරගෙනද ගියේ?
එතකොට ජනාධිපති ලේකම්වරයා එතනදි කතා කරපු විදිහ මට විනාඩි දහයක් දෙන්න. හරිද? විනාඩි දහයයි දෙන්නේ එතනින් එයාට විනාඩියක්වත් දෙන්නේ නෑ. මෙතන ඉන්න වටේ ඉන්න ගෝතයෝ කවුන්ට් කරනවා. දැන් අටයි. දැන් හයයි. දැන් පහයි. ආ එහෙම කියලා ෆෝම් කරලා, කට්ටියම කිව්වා මම දැක්කා තව පාතාලේ පොඩි හාමුදුරු නමක් කියනවා මේ, අපි මෙහෙමයි මම පන්සල් තුනක් නියෝජනය කරනවා. මට පුළුවන් ගම් තුනෙන් පනහ පනහ ගහන්නේ බස් තුනක් ගේන්න.
මොකද කියන්නේ එකඟද නැද්ද? එකඟයි! ඊට පස්සේ මම දැක්කා පෝස්ට් යනවා හැම ගමකින්ම පනහ පනහ ගානේ බෞද්ධ ආගමට, රටට, සිංහල ජාතියට ආදරය අය අරගෙන මෙතන අරගලයට එකතු වන්න කියලා. යකෝ අරගලයක් කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාවට යම්කිසි අවඩක් වුණොත්. ඒක තමයි අපි 2022 දි අරගලය කරේ. ඒක success වුණානේ. මුන් හිතනවා මේ මේ මේ 500ක් විතර කොළඹට ගොනු වුණාම, අනේ මෙන්න ආණ්ඩුව පෙරළන්න ඕන පුළුවන් කියලා.
අර දැන් ගුටිකන කසුන්ම ඌ ඊයෙත් කිව්වනේ අපි මේකේ දෙකෙන් එකයි තියෙන්නේ. එක්කෝ ප්රධාන දේ තමයි ඥානසාරට නිදහස දෙන්න ඕනේ. නැත්තම් අනුර යන්න ඕනේ. අම්මේ අවසාන මොහොතේ අධිකරණයෙන් දීපු තීන්දුව කිව්වට පස්සේ පොලිස් නිලධාරීන් ඇවිල්ලා එතන කතා කරනකොට එහෙනම් අපිට දානෙ ටික වළඳලා යන්න ඉඩ දෙනවද? අනේ ඔව් ඔබවහන්සේලා දානෙ ටික වළඳලා යන්න. වළඳපු පසු බඩ පුරෝගෙන ඉන්නේ ඉස්බඩ කෑගහලා තියෙන්නේ බඩගින්නට. වළඳපු පසු කියනවා නෑ නෑ අපිට ආණ්ඩුව පෙරලන්න ඕනේ නෑ. අපිට ඕනේ ඥානසාරව එළියට ගන්න කියලා. ඇයි යකෝ දුන්නම් දොන්, සිමන්නම් සිමන් දෙකක් බෑනේ. එක වචනයක් තියෙන්න එපැයි භික්ෂුවක් නම්.
එක පැත්තකින් මොනවා වුණත් දැන් ඊයේ මම කිව්වේ ඒකනේ. ඊයේ මහා ලොකුවට බැමෑව්වා උඩ පැනගෙන ස්පීකර් වලින් කතා කරපු, පාතේගමලා උලපනේලා ඔය සෙට් එකම, ඈ, ෆෝම් කරානේ කට්ටියව. අන්තිමට ඉතුරු වුණේ කවුද? අර පොඩි මැර පාතාලයෝ ටිකක් නේද ඉතුරු වුණේ. ඒකේ නායකත්වය දරන්න තමයි හිටියේ. බලන්න මහා එතකොට අර පාලිත හාමුදුරුවෝ කිව්වේ මෙතන ඉන්නේ මහාචාර්ය, ආචාර්ය හොඳ හාමුදුරුවරු, අනික් වචනේ මට මතක නෑ නිකන් මෙතන ඉන්නේ අපත අපත හාමුදුරුවෝ නෙමෙයි ඔන්න ඔය වගේ වචනයක් කිව්වා නේ ඉතින් එහෙම කට්ටියකුත් ඉන්නවා ඈ.
ඊට අමතරව ඊයේ දුක හිතුන කරුණ තමයි අපි දැක්කනේ දැන් මහාචාර්ය, ජ්යෙෂ්ඨ මහාචාර්ය පාතේගම ඥානේශ්වර හාමුදුරුවෝ ඊයේ හැසිරිච්ච ආකාරය බලන්නකෝ. ඒ කියන්නේ අම්මපා අපි හිතන් හිටියේ උගත් බුද්ධිමත් නායක හාමුදුරු නමක් කියලානේ. හැසිරිච්ච ආකාරය දැක්කහම ඊයා කියලා හිතෙනවා. කුජීතයි ඈ. මේ බලන්නකෝ දැන් එතනදී ඉගෙන ගන්න ඕන ඔය මහාචාර්ය පාතේගම හාමුදුරුවෝ ඉගෙන ගන්න ඕන ගෞරවනීය කොහොමද ගෞරවනීය විදිහට හැසිරෙන්නේ කියලා. දැක්කද ජනාධිපති ලේකම්වරයා, කුමා නායක හැසිරිච්ච ආකාරය? නියම ජෙන්ටල්මන් කෙනෙක් හැටියට හිනාවෙලා ලස්සනට, මේ බලන්නකෝ මුහුණේ තියෙන බලන්න කළු වෙලා පුපුරනවා මෙන්න පුපුරන්න ඔන්න පුපුරන්න බලන්නකෝ ඈ.
ඔබතුමා බබා පොඩ්ඩක් ඉන්න සුභතුමා බබෙක්ද. ඔව් සර් අපි හාමුදුරුවනේ. ඉන්න ඉන්න නෑ නෑ දැන් මේ උත්තරයක් දෙන්න මගේ කට වහන්න පොලිසියට පුලුවන්ද මගේ කට වහන්න? නෑ බෑ පොලිසියට ඉන්න මගේ කට වහන්නද? නෑ නෑ අපි ආවෙ ඒක සමථයකට පත් කරන්න කටද වහන්නෙ? පොලිසිය අවසරයි අපි කතා කරන්නෙ වැඩ කරන පඩියට. ඉතින් දැන් අපි පොඩ්ඩක් පොලිසිය වැඩ කරන්නේ පඩියට තමයි පොලිසිය නීතියට වැඩ කරන්නේ. පොලිසිය නීතියට වැඩ කරන්නේ ඒකට පඩියක් හම්බවෙනවා. ඕගොල්ලෝ දහමට වැඩ කරන්න, ශාසනයට වැඩ කරන්න, ඒකට දානමාන කටයුතු ටික ගිහියෝ කරනවා. මේ කවුද පිස්සු හැදෙනවනේ මේ නේ බලන්නකෝ.
ජ්යෙෂ්ඨ මහාචාර්ය බබාහුකුන් කරන්න හම්බවෙන්නේ නෑනේ. ඔහෙලා මට තේරෙන්නේ නෑ මේ සසරේ අතරමං වෙලා. ගිහියෙකුත් නෙමෙයි පැවිද්දෙකුත් නෙමෙයි. මේ මොකක්ද චීවරයක් පෙරදගත්තා ඊට පස්සේ ඕවර් ඩෝස් එකක් ආවා, හිතන් ඉන්නවා මමයි පොර. අපිට ඉහළින් එක බල්ලෙක්වත් නෑ, කපුටෙක්වත් පියාඹන්න බෑ. රටේ නීතිය තියෙන්නෙත් ඕනේ අපිට යටින්, රටේ නීතියට බබාහුකුන් දාන්න බෑ අපිට. ඒක ඒක දැක්කහම ඊයේ ඉඳන්ම පාතේගමට ඔන්න හොඳ උත්තර ලැබෙනවා තමන් කොතනද ස්ථානගත වෙලා තියෙන්නේ. වර්තමානය වෙනකොට මේ ශාසනයේ ඉඳගෙන යම්කිසි කාර්යභාරයක් කරමින් රටේ බහුතරයක් දිනාගනිමින් හිටපු ස්ථවිර ස්වාමීන් වහන්සේ කෙනෙකුට අම්මේ මෙන්න වෙච්ච දෙයක්.
තමාලාට ලබාගන්න බැරි දේවල් ලැබෙන්නේ නැතිකොට දැන්, පේන මානයක්වත් නැතිකොට දැන් ඉතින් ගහන්න ඕනා. ඉතින් නිරායාසයෙන් වචන එනවා. මොන බබා හුකුන්ද මේ නේ? අපිට බබා හුකුන් දාන්නද හදන්නේ? ඔහේ කවුද මගේ කට වහන්න? අම්මට සිරි ඈ. මේ ශක්රයා ඇවිල්ලා ශක්රයා. ඉතින් ඒ නිසා නෝන්ඩි වෙලා ඉවරයි. සෙට් එකම නෝන්ඩි වෙලා ඉවරයි.
ඔන්න දැන් මතක් කරනවා එකක්. දැන් අද පිළිගත්තා නේද නීතියට ගරු කරනවා කියන එක. නීතියට හිස නමා අපි මෙතනින් යනවා කියලා කිව්වා නේද? ගියා නේද දැන්? එතකොට නීතියට හිස නමන්න ඕන මේ අද අධිකරණයෙන් දීපු තීන්දුව. ඒ නිසා ඒවාට චැලේන්ජ් කරන්න ඔහෙලාට අයිතියක් නෑ. ඒ නිසා ඔහෙලා ඉන්නේ ශාසනයට ඕගොල්ලෝ වැඩ ටික කරගෙන යන්න ශාසනයට අපි ලැදියි. උතරීතර ගෞරවනීය මහා නායක හාමුදුරුවන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයට අපි ආදරෙයි. අපි වචනයකින්වත් කිසිදෙයක් කියන්නේ නෑ ආශිර්වාද තමයි අපි කරන්නේ. හැබැයි මේ සඟපාතාලයේ සඟපාතාලයට sorry.com තමයි.
ඊයේ එක හාමුදුරු නමක් මට කතා කරා. මේ මේ මේ කරන විකාරය ගැන කතා කරලා මොකක්ද සුදත්ත මහත්තයෝ මේ මේ මේ පිස්සෝ ටික කරන වැඩේ හැබැයි දැන් මට එකක් බයක් දැනෙනවා මේගොල්ලෝ කඳවුරු ගහන්න ලැහැස්ති වෙනවා මේ මහා විනාශයක් වෙනවා මෙහෙම වුනොත් දිගටම හිටියොත්. මං කිව්වා වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ කියන්නේ අපිට පේනවානේ. මං කිව්වා මොකක්ද ඔට්ටුව. හරි ඔට්ටුව මොකක්ද හෙට දවසේ අනිවාර්යයෙන්ම උදෑසන කෝට් ඕඩරයක් ගන්නවා මේගොල්ලෝ ගෙදර යනවා තෙමිලා හාලා රීලා යනවා කියලා. මොකද ඔට්ටුව? සිවුර ගලවන්න රෙඩි ද? අනේ ඒක නම් බෑ කියලා කිව්වා. ඈ? මං අද දැන් මට කතා කරා. ආ සුදත්ත මහත්තයෝ කට්ටිය ගියා නේද අකුලගෙන.
මං කිව්වා මොකද සිවුර ගලවමුද? හ්ම් හ්ම් ගෑවා ඈ. ඒක තමයි ඇත්ත අපි ඒවා කලින්ම කිව්වා. අපි කියපු දෙයක් වැරදිලා නෑ. අපි මේ හඬ නගන්නේ මොනවක්වත් නෙමෙයි රටක් විනාශ කරන්න දෙන්න බෑ. එක එක වේශයෙන් එන එක එක අයට අපි දෙන්නේ නෑ එකෙකුටවත් ඉඩ. මොකද අපිට අවුරුදු හැත්තෑ හයක් මේ රම්ය භූමිය පුණ්ය භූමිය විනාශ කරා. ඒක විනාශ කරපු උන්ට ඒ විනාශ කරන්නට සහයෝගය දුන්න උන්ටද, චීවරයටද, ගනින්නාන්සේලාටද, එකෙකුටවත් නැගිටින්න දෙන්නේ නෑ. උඹලගේ පාඩුවේ හැම එකෙක්ම, හැම එකෙක්ම තමන් තමන්ට වගකීමක් තියෙනවා ජීවත් වෙන්න රටක් අපිට ඕනා. අනාගත පරම්පරාවට හරි රටක් හදලා දෙන්න ඕනා. මේ පරම්පරාවේ ඒ වැඩේ මේ කරමින් යන්නේ, එකෙකුටවත් බයත් නෑ, එකෙකුටවත් ණයත් නෑ.
අනුර කුමාරගෙන් හිතන්න එපා උඹලා කිව්වේ යනකොට අපි මේක අත්හරින්නේ නෑ කියලා. අපිත් මේක අත්හරින්නේ නෑ. උඹලට උඹලා අත්හැරලා ඉවරයි දැන්. උඹලව අවලංගු වෙලා ඉවරයි. ඈ? මේ රටේ නැවත දේශපාලන චණ්ඩි, ඒ කියන්නේ චීවරය දාගත්ත සඟපාතාල වලට නැවත ඉඩ නැත. ඒ නිසා අනුර කුමාර අපි ඊයෙත් කිව්වා අනුර කුමාර ජනාධිපතිවරයා ඔය මොහකටවත් හිස නමන්නේ නැත. යුක්තියට හිස නමනවා, අයුක්තිය ඉදිරියේ සිංහයෙක් වගේ වැඩ කරනවා. ඒ හින්දා තමයි අපි බයත් නැතුව ණයත් නැතුව මේ ගමනේදී අපිට දෙන්න පුළුවන් උපරිම අපි හයිය දෙන්නේ. ඒ නිසා සඟ පාතාලය ඉවරයි, අහවරයි. තීන්දුවයි. කැපයි.
