sangakkaras-statement-on-the-ryanair-scandal

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කුමාර් සංගක්කාර, අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී සිය පවුලට මුහුණ දීමට සිදුවූ ගුවන් ගමන් අත්දැකීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.




බ්‍රිස්ටල් සිට රයන්එයාර් ගුවන් සේවය ඔස්සේ කිසිදු ගැටලුවකින් තොරව වීසා ලබාගෙන ඩබ්ලින් වෙත ගිය බව පැවසූ ඔහු, "අපි ඩබ්ලින් ගියා දවස් දෙකකට. අපි බ්‍රිස්ටල් ඉඳන් ගියේ. රයන්එයාර් බුක් කරලා. මොක ද මිනිත්තු 45ක ෆ්ලයිට් එකක්. ඒක තමයි අපිට තියෙන ළඟ ම එයාර්පෝට් එක," යනුවෙන් සඳහන් කළේය.

ඔක්තෝබර් 28 වන දින යළි බ්‍රිස්ටල් බලා පැමිණීමට සූදානම් වීමේදී ඔවුහු මෙම සිදුවීමට මුහුණ දුන්හ. එක්සත් රාජධානියේ පදිංචිකරුවන් ලෙස තමන් සතු ඊ-වීසා (e-Visa) ක්‍රමය භාවිත කරන ආකාරය පිළිබඳව විස්තර කරමින්, "අපි රෙසිඩන්ට්ස්ලා නේ මෙහේ, එතකොට අපට තියෙන්නේ e-Visa එකක්.




ඉතින් e-Visa එක අපි හැම වෙලාවේ ම ට්‍රයි කරද්දී, අපි එක්කෝ පේජ් එක ඩවුන්ලෝඩ් කරලා, නැත්නම් ෂෙයාර් කෝඩ් එකක් අරගෙන ඒක පෙන්නනවා," යැයි ඔහු ප්‍රකාශ කළේය. ගුවන් සේවා යෙදුම හරහා 'All Approved' ලෙස සාමාන්‍ය ගොඩවීමේ අවසරපත්‍ර (Boarding Passes) නිකුත් කර තිබියදීත්, අමතර තහවුරු කරගැනීමක් සඳහා ඔවුන් වීසා පරීක්ෂණ කවුන්ටරය වෙත ගොස් තිබේ. එහිදී නිලධාරීන් වෙත කරුණු දක්වමින්, "අපේ ශ්‍රී ලංකන් පාස්පෝට්ස් තියෙන්නේ, අපිට e-Visa තියෙනවා, අපි ඔන්ලයින් චෙක්-ඉන් වෙලා බෝඩින් පාසස් ටික ඇවිල්ලා තියෙන්නේ, ඒ නිසා ඔයා චෙක් කරන්න පුළුවන් ද අපේ e-Visa," යනුවෙන් තමන් විමසූ බව සංගක්කාර පැවසීය.

කෙසේ වෙතත්, ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ උඩුගත කර අවසරපත්‍ර ලැබී ඇත්නම් එම ස්ථානයේදී පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවන බවත්, කෙළින්ම ගුවන් යානයට ගොඩවිය හැකි බවත් ගුවන් සේවා නිලධාරීන් දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.