
පානයේ නගෝයා නුවරදී සාර්ථකව නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ලෝක ශූර රුමේෂ් තරංග ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. හොංකොං සිට පැමිණි කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස්.
611 දරන මගී ගුවන් යානයෙන් රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබුණි.ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ මෙම දක්ෂ ක්‍රීඩකයා සඳහන් කළේ, නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් මෙවර රන් පදක්කම ජයග්‍රහණය කිරීම සිය මූලික අරමුණ වී තිබුණු බවයි. කෙසේ වෙතත් තරගය පැවති අවස්ථාවේදී ක්‍රීඩාංගනය ආශ්‍රිතව පැවති වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම වාර්තාව අලුත් කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගිය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එසේම සිය මව්බිම නියෝජනය කරමින් තරග බිමට පිවිසි තමන්ව දිරිගැන්වීම උදෙසා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දැක්වූ සහයෝගය ඔහු විශේෂයෙන් ඇගයීමට ලක් කළේය. කිලෝමීටර් හයසියයකත් හත්සියයකත් අතර දුෂ්කර දුරක් ගෙවාගනිමින් නගෝයා ක්‍රීඩාංගනය වෙත පැමිණි එම සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත රුමේෂ් එහිදී සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියේය.
මෙම ජයග්‍රාහී ක්‍රීඩකයා පිළිගැනීමේ කටයුතු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් සහ රුමේෂ් තරංගගේ පවුලේ සමීපතම ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි.
