galagodaaththe-gnanasara-will-be-arrested-on-sight---third-warrant-issued

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අදාළ විවෘත වරෙන්තුව ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස්පතිවරයා හරහා ඉටු විය යුතු බව අභියාචනාධිකරණ නියෝගයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.




මීට සමගාමීව, ඥානසාර හිමියන්ට මෙරටින් පිටවීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් දැඩි විදේශ ගමන් තහනමක් ද පනවා තිබෙන බව වාර්තා වේ. මෙම නියෝගය සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත කඩිනමින් දැනුම් දීමට ද අධිකරණය විසින් අදාළ අංශ වෙත වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

ඥානසාර හිමි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඉතා කෙටි කලක් සිගතවී අයථා ආකාරයට ජනපති සමාව ලබාගැනීමෙන් පසු එම නඩුකරය නැවත අලුත්වීමෙන් පසු අත්අඩංගුවට පත්වන්නට නියමිත අතර වසර පහමාරක් සිරගත කරන්නට නියමිතය. පසුගිය දිනවල අතුරුදන්ව සිට පොතක් දොරට වැඩීමේ අවස්ථාවක පෙනී සිටි උන් වහන්සේ නැවත අතුරුදන්ව සිටින අතර මේ නිසාම ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට අදාළ ඊළඟ නඩුවාරයට නොපැමිණීම නිසා දෙවන වරෙන්තුවක්ද නිකුත්ව තිබේ. 

දිගින් දිගටම අධිකරණය මගහරිමින් සිටින උන් වහන්සේට සමාව ඉල්ලා අත්සන් ලක්ෂයක වයාපාරයක් මිහින්තලේ හිමි විසින් ආරම්භ කරනු ලැබ තිබේ.