do-not-lift-the-ban-on-palm-oil-imports-the-national-campaign-to-protect-consumer-rights-demands

2021 වසරේ සිට ආනයන තහනමක් ක්‍රියාත්මකවන පාම් තෙල්, නැවත ආනයනය කිරීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා. වත්මන් රජයත් මේ දක්වා අනුගමනය කළ පාම් තෙල් ආනයන තහනම ඉවත් කළ හොත් ඊට පාරිභෝගිකයන් විරෝධය පළ කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව පැවසුවේ කොළඹ වෙළෙඳ අමාත්‍යංශය වෙත සිකුරාදා (2) පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීයි. පාම් තෙල් ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවන තොරතුරු සහිත ලිපියක් සභාපතිවරයා විසින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත ලබා දුන්නා.




මෙරට පරිභෝජනය වෙනුවෙන් පාම් තෙල්, පාම් තෙල් ලෙසින්ම ආනයනය තහනම් කෙරුණේ 2021 වසරේ සිටයි. එම වසර 6 තුළ මෙරට පාරිභෝගිකයන් ගුණාත්මක බවින් යුත් පාම් තෙල් සහනදායී මිලකට මිලදී ගත් බව ඒ මහතා පෙන්වා දුන්නා. 2021 වසරේ අදාළ පාම් තෙල් ආනයන තහනම ක්‍රියාවට නැංවූයේ විද්වත් මණ්ඩලයක නිර්දේශ අනුවයි. ඉන්පසු අවස්ථාවකදී ව්‍යාපාර පදනම වෙනුවෙන් එම නීතිය ලිහිල් කිරීමක්ද සිදුව තිබිණා. නමුත් එම විද්වත් නිර්දේශ පසෙකලා නැවත පාම් තෙල් ආනයනය විවෘත කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ හෙළි කර සිටියේ.

වත්මන් රජයද ඒ අනුව යමින් මෙම නීතිය අකුරට ක්‍රියාත්මක කරමින පැවති අතර යළිත් පාම් තෙල් ආනයනය කිරීමේ සූදානමක් පිළිබද තොරතුරු වාර්තා වන්නේ එවන් පසුබිමකයි. ඒ මෙරට කූඨ ව්‍යාපාරිකයින් සහ දූෂිත නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ.




වත්මන් රජය පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ එම සංවිධානය මෙහිදී සිය ප්‍රශංසාව වෙළෙඳ අමාත්‍යවරයා වෙත පුද කරනු ලැබුවා. යම්හෙයකින් මෙම නිතිය වෙනස් කර පාම් තෙල් ආනයනයට නැවත අවසර ලබා දුන හොත් ඊට පාරිභෝගිකයන්ගේ විරෝධය පළ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

do-not-lift-the-ban-on-palm-oil-imports-the-national-campaign-to-protect-consumer-rights-demands

do-not-lift-the-ban-on-palm-oil-imports-the-national-campaign-to-protect-consumer-rights-demands