asp-olugala-raids-the-homes-of-shooters-caught-in-kosgoda-while-on-their-way-to-a-game-in-the-middle-of-the-night

කොස්ගොඩ, අකාඩෙගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (03) රාත්‍රියේ වටලනු ලැබීය.

රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් සැකකරුවෙකු විසින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී පොලිසිය විසින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩික්කරුවෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙහෙයුම අතරතුරදී තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර වෙනත් අයෙකු එම ස්ථානයෙන් පලාගොස් ඇත.

සැකකරුවන් රැඳී සිටි නිවස පරීක්ෂා කිරීමේදී අපරාධය සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ ආයුධ සහ උපකරණ රැසක් ආරක්ෂක අංශ භාරයට ගැනුණි. ඒ අතරට මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, ඊට යොදන පතරොම් 8ක් සහිත මැගසිනයක්, රිවෝල්වරයක් සහ පතරොම් 6ක්, තවත් මිලිමීටර් 9 මැගසිනයක් සහ පතරොම් 6ක් මෙන්ම විදේශයක නිෂ්පාදිත අත්බෝම්බයක් ද අයත් වේ. ඊට අමතරව ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය. සිද්ධිය පරීක්ෂාව පිණිස ASP ඕලුගල ද ඊයේ රාත්‍රියේම අදාළ ස්ථාන වලට පැමිණි අයුරු කැමරාවේ සටහන් විය.

අත්අඩංගුවට පත් වූ වයස අවුරුදු 32 සහ 33 යන වයස්වල පසුවන මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතන සැලසුමේ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. පසුගිය පළමුවැනිදා අහුංගල්ලේදී වෙඩි තබා ඝාතනය කළ 'පොඩි පැටී' හෙවත් සංවිධානාත්මක අපරාධකරු ලොකු පැටීගේ සහෝදරයාගේ මරණයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කරන්දෙණිය සුද්දා සහ කොස්ගොඩ සුජී යන පාර්ශ්වයන්ට සම්බන්ධ සමීපතමයින් සිව්දෙනෙකි.

අහුංගල්ලේ ලොකු පැටී සහ අහුංගල්ලේ සංජීව යන අයගේ මෙහෙයවීම මත රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවකට මෙම අපරාධය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානයට ආසන්නයේම පිහිටි ඉලක්කගත පුද්ගලයින් රැඳී සිටි නිවසට පොලිස් නිලධාරීන් ලෙස පවසමින් ඇතුළු වී, එහි සිටින සියලු දෙනාට වෙඩි තැබීමටත්, අනතුරුව බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළායාමටත් මොවුන් මනාව සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී තවදුරටත් හෙළි වී ඇත.