gnanasara-thero-remanded

වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.




කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ උන්වහන්සේව අද දින අධිකරණය හමුවට පමුණුවනු ලැබීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කෙරුණු ඥානසාර හිමියන් හෙට දිනයේදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා අදාළ බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර තිබේ.

gnanasara-thero-remanded