සිරිලිය සවිය අරමුදල් රුපියල් මිලියන 10ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (7) උසාවිය තීරණය කළේය.
අල්ලස් කොමිසමේ කාන්තා කණ්ඩායමක් සමග වෑන් රථයකින් අධිකරණය වෙත ශිරන්ති මහත්මිය රැගෙන එද්දී අධිකරණය අවට 10-20 ක පමණ ශිරන්ති මහත්මියට පක්ෂග්‍රාහී කාන්තා කණ්ඩායමක් ඇය වෙනුවෙන් ජයගෝෂා නගමින් ශබ්ද නැගූ අතර ඔවුන්ගෙන් බේරාගෙන පොලිසිය ශිරන්ති මහත්මිය අධිකරණ පරිශ්‍රයට කැඳවා යන ලදි.
ශිරන්ති මහත්මිය බස් රථය වෙත රැගෙන ඒමෙන් පසු බන්ධනාගාරයට පිටත්වීම ඔවුනට සංවේදී අවස්ථාවක් වූ බව පෙනෙන්නට තිබූ අතර ඇතැමුන් හඬන හඬද ඇසුණි. මේ අතර එක් කාන්තාවක ක්ලාන්තයට පත්වන අයුරුත් ඇයව අනෙක් අය වත්තං කරගෙන යන අයුරුත් කැමරාවේ සටහන් විය.



