විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහය අතරතුර පූජ්ය උලපනේ සුමංගල හිමි මාධ්ය වෙත අදහස් දක්වමින් අද (21) සවස මෙසේ පවසා තිබේ.
"ආණ්ඩුව තමන්ගේ නිරාගමිකත්වය ශාසන විරෝධීභාවය තව තවත් ප්රකට කරමින් ප්රසිද්ධ කරමින් මේ පිළිබඳව නෑසූ කන් ඇතුව එහෙම නැත්නම් බෙහෙත් බීපු ගොළුවන් සේ නිහඬ ප්රතිපත්තියක් අනුගමනය කරනවා. බුද්ධ ශාසන අමාත්යාංශයක් හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහත්මා ආරම්භ කළේ ශාසනයට වෙනම අමාත්යාංශයක් තුළින් නවවෙනි ආණ්ඩුක්රම ව්යවස්ථාව හරහා නීතියෙන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කොට තිබෙන චිරස්ථිතිය ඉතාමත්ම හොඳින් ආණ්ඩුවේ වගවීමේ ක්රියාවලිය ඉෂ්ට සිද්ධ කරන්නට.
අපේ අවාසනාවට අද බුද්ධ ශාසන ඇමතිවරයෙක් නෑ, බෞද්ධයෙක් නෙවෙයි. නියෝජ්ය බුද්ධ ශාසන ඇමතිවරයා කල්වාරියෙක්, නියෝජ්ය ඇමතිවරයා හීරළුවෙක්, අනිත් ඇමතිවරයා මවුලවියෙක්. එතකොට අපිට මේක කියන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ ශාසනය ආරක්ෂා කරන්න දීපු දෙවියන්ට විතරයි. ඒ නිසා දැන් වජ්රපාණි දෙවියෝ නේද? යක්ෂයාට. සක්දෙවිඳුගේ ඒ ආරක්ෂකයාට ඒ වස්කවි මගින් අපේ රටේ ජනතාව සානුකම්පිතව කම්පනයට පත්වෙලා මේ සම්බුද්ධ ශාසනයට සිදු කරන වින්නැහියට ප්රකම්පනයට පත්වෙලා පන්දම් අරගෙන ඒ කරපු ශාපය වැදිලා අද සිසීකඩ යනවා.
දැන් මාලිමාව ආණ්ඩුවක් කරගෙන අවුරුදු දෙකයි. දැන් මාලිමාවේ අය වස්කවිය ක්රියාත්මක වෙලා හන්දියක් හන්දියක් ගානේ ඇවිදිනවා. හන්දියක් හන්දියක් ගානේ ඇවිදිනවා. ලෙනින් මාක්ස් නිකායේ චීවරධාරීන් කීප දෙනෙකුත් ඉදිරිපස තබාගෙන ඇවිදිනවා. අපි කියනවා ඡන්දෙ දීපු තවමත් ඡන්දෙ දීලා නිවැරදි නොවිච්ච වැරැද්ද වටහා නොගත්ත සියලු දෙනා අපි අව්වේ මහපාරේ ඇවිද්දවනවා මේ වස්කවියෙන්. දැන් ඇවිද්දවන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඇවිද්දවන්න පටන් අරන් තියෙන්නේ. සහ මේ රටේ මහානායක හාමුදුරුවරු තවදුරටත් මේ අවනඩුව දිහා නිහඬව බලාගෙන ඉන්නේ නෑ අපිට විශ්වාසයි. ඒ වගේම ඥානසාර හාමුදුරුවන්ව දඩමීමා කරගෙන මේ නිරාගමික ආණ්ඩුව අත තිබ්බේ සම්බුද්ධ ශාසනයට.
ඒ නිසා අපි මහනුවරින් දළදා හාමුදුරුවන්ට සපථ කළේ ඥානසාර හාමුදුරුවන්ගේ නිදහස වගේම මේ රට තුළ සම්බුද්ධ ශාසනය නිරූපද්රිතව මෙවැනි පරංගීන්ගෙන් බේරා ගනිමින් පන්දාහසක් කල් තව මේ මහ පොළොව තුළ ලක් භූමිය තුළ නිරූපද්රිතව ඉදිරියට ගෙනයන්නට. ඒ යන ගමනේ යුගයේ කාර්යභාරයක් වෙලා තිබෙනවා ජාතියේ මුරදේවතාවරු හැටියට මේ කහසිවුර දරාගෙන ඉන්න අපට මේ විපත්තියෙන් මේ රටත් සම්බුද්ධ ශාසනයත් බේරාගන්නට. ඒ නිසා අපිට සටන පරංගීන්ටත් එහා ගිය පරංගි ටිකක් තමයි මේ පැලවත්තේ පරංගියෝ. පැලවත්තේ පරංගියෝ මේ විනය කරන්න තමයි ඩයස්පෝරාවේ වුවමනාවට ඔවුන්ගෙන් සල්ලි අරගෙන තවත් රාජ්ය නොවන සංවිධාන වලින් සල්ලි අරගෙන ඒජන්තයෝ විදිහට කටයුතු කරන්නේ.
ඒ නිසා ජනාධිපතිවරයා කියනවා නම් පාරේ පෙළපාලි ගියාට මේවා නවත්තන්නේ නැහැයි කියලා, අපි කියනවා ජනාධිපතිට උද්දච්චකමෙන් පහළට බහින තුරු අපිත් අපේ විරෝධතා නතර කරන්නේ නෑ. ඔබට මතක ඇති අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලිය ආරම්භ කරනකොට වැරදි විදිහට අපි ඒකට එරෙහිව කටයුතු කරනකොටත් කිව්වේ ඔය සිංහ නාදයම තමයි. හැබැයි අපි මහජන විරෝධතාවය ගොඩනැගුවා සිංහ නාද බලු කෙඳිරි වෙනකන්. ඒ නිසා අපි කියනවා අපි මහානායක හාමුදුරුවන්ට ඉල්ලීම් කළා, අපි ඉල්ලීම් කළා, සංඝ සභා වෙනම ඉල්ලීම් කළා. ඇහුම්කන් නොදුන් තැන තමයි අපි පා ගමනින් අධිෂ්ඨානය සිද්ධ කළේ අගනුවරට. දළදා හාමුදුරුවෝ ළඟ සපථ කරලා. එහෙනම් ඒ සපථය අපි ජනාධිපති කාර්යාලයට ගෙනල්ලා දුන්නා. නිකන් නෙවෙයි දැඩි අව් රශ්මිය අනෝරා වැහි දරාගෙන අපි අරගෙන ආවේ අධිෂ්ඨානශීලී ගමනක්.
මේ ඉතිහාසයේ සිදුවෙච්ච දැවැන්තම සංඝ සන්නිපාතය, දැවැන්තම සංඝ විරෝධය මේ ආණ්ඩුවට එරෙහිවයි එල්ල වුණේ. අද ඡන්දෙ දීපු ඡන්දදායකයෝ මේ සසුනට කරන කෙනෙහිලිකම් බලලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවට දැන් සියයට තුන විතරයි තියෙන්නේ. ප්රජාතන්ත්රවාදයෙන් අපි කියනවා ජනමතය උරගා බලමු අපි සූදානම්. අපේ අරගලේ තියෙන්නේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි, අපේ අරගලේ තියෙන්නේ සම්බුද්ධ ශාසනය රැකගැනීමට. අපිට මේකෙ දේශපාලන අරමුණු නැත. හැබැයි මේ රටේ සියලුම දෙනාට සියලු ජාතීන්ට බෞද්ධයන් ප්රමුඛ සියලු ආගමිකයන්ට අපි මේ පුදබිම සත්යග්රහ පුදබිම විවෘත කරලා තියෙනවා. ඒකට දේශපාලඥයින් ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් ඔවුනුත් මේ රටේ පුරවැසියෝ. ඔවුන්ටත් වගකීමක් පැවරෙනවා."