
9.40 am update
මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාද තහවුරු කර ඇත.
උදෑසනින්ම නිවස වෙත ආ නිලධාරීන් පැය 2 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අනතුරුව
අත්අඩංගුවට පත්වූ ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත ගෙන යාමට නිලධාරීන් කටයුතු කර තිබෙයි.
ඇයව අද (07) දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
9.14 am update
රටේ දේශපාලන අවධානය මේ මොහොතේ කිරුළපනට යොමු වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (07) පෙරවරුවේ ගොස් ඇති බව වාර්තා වේ.
ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, කාන්තා පොලිස් නිලධාරිනියන් ද ඇතුළත් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවස වෙත පැමිණ සිටී. දශක ගණනාවක් රටේ බලයේ කේන්ද්‍රස්ථානය වූ රාජපක්ෂ පවුලේ නිවසටම අල්ලස් කොමිසම පැමිණීම, දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මහජනතාව අතර ද දැඩි කුතුහලයක් ඇති කර තිබේ.
ශිරන්ති රාජපක්ෂ FCID කැඳවීමක් ලබන 13 වනදා තිබියදී ඇය තමා අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ ඇප අයදුම ලබන 13 වනදා උසාවියේ සලකා බලන්නට නියමිතව තිබියදී 12 වනදා FCID අධ්‍යක්ෂකට ඒ ගැන කරුණු දක්වන්න උසාවිය නියම කර තිබියදී මෙම වැටලීම ක්‍රියාත්මක වේ.


