a-campaign-demanding-a-presidential-pardon-for-gnanasara-thero-has-garnered-one-million-signatures-in-devundara

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හයක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත් ප්‍රධාන අදියරක් අද (09) පෙරවරුවේ දකුණු පළාතේ ඓතිහාසික මාතර දෙවුන්දර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාල පුදබිමෙන් ආරම්භ විය. "ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු" යන තේමාව සහ "මනුෂ්‍යත්වයේ, ආදරයේ, කරුණාවේ අත්සන" යන ආදර්ශ පාඨය පෙරදැරි කරගනිමින් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති විශේෂ දේව පූජාවකින් අනතුරුව වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා මහා සංඝරත්නය, භික්ෂුණීන් වහන්සේලා මෙන්ම ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව ලබාදී නිදහස් කරනු ලැබූවද, ඉකුත් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ එම තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවයි. ඒ අනුව උන්වහන්සේට යළිත් බන්ධනාගාරගත වීමට සිදුවිය. මෑතකදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වෙනත් නඩුවකට උන්වහන්සේ රැගෙන ආ අවස්ථාවේදීද, නඩු විභාගය අවසන් වී නැවත බන්ධනාගාර බස් රථයට ගමන් කරන විට අවට රැස්ව සිටි මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් උන්වහන්සේට සෙත් පැතූහ.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් ප්‍රකාශ කළේ ඥානසාර හිමියන්ට ලැබී ඇත්තේ නව සිරදඬුවමක් නොව පෙර දඬුවමේම දිගුවක් බවයි. "ඥානසාර හාමුදුරුවෝ අපරාධකාරයෙක් නොවෙයි. උන්වහන්සේට සමාව දෙනකොට ලියකියවිලිවල අඩුපාඩු තිබුණා නම් අනුර කුමාර ජනාධිපතිතුමාට තිබුණා ඒවා සකස් කරලා නිවැරදි විදියට සමාව දෙන්න. එහෙම වුණා නම් අපිත් එතුමාට ආදරෙයි. අනවශ්‍ය ප්‍රශ්නත් නැහැ," යනුවෙන් උන්වහන්සේ එහිදී සඳහන් කළහ. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගැනීමෙන් කලබලකාරී තත්ත්වයන් නිර්මාණය වන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම අත්සන් ලක්ෂ 50ක් එක්රැස් කිරීමේ දැවැන්ත වැඩසටහනේ මූලික ආරම්භය සනිටුහන් වූයේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මිහින්තලේ පූජා භූමියෙනි. මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය එදින මෙම පෙත්සමට ප්‍රථමයෙන්ම අත්සන් තැබූහ. "අභය දෙන්න කියලා ලෝකෙට ඉස්සෙල්ලාම කිව්වේ මේ පුදබිමේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ඔබ අයිතිකරු නෙමෙයි භාරකාරයා පමණි කියලා," යැයි සිහිපත් කළ ධම්මරතන හිමියන්, අභයදානය දුන් එම ඓතිහාසික ස්ථානයේ සිට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාව ලබාදෙන ලෙසයි.

අද දිනයේ දෙවුන්දරින් ඇරඹි මෙම අත්සන් ලබාගැනීමේ මෙහෙයුම ඔක්තෝබර් 09 වැනිදා සිට 18 වැනිදා දක්වා දිවයින පුරා ප්‍රධාන නගර රැසක් ආවරණය කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතය. එහි පළමු අදියර යටතේ එක්රැස් කෙරෙන අත්සන් ලක්ෂ 10ක ප්‍රමාණය එළඹෙන ඔක්තෝබර් 18 වැනිදා ඓතිහාසික මිහින්තලා පුදබිමේදීම මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත නිල වශයෙන් භාරදීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව අදාළ සම්පූර්ණ අත්සන් පත්‍රය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදීම මෙම ජාතික වැඩසටහනේ අවසන් අරමුණ වී තිබේ.