wife-arrested-for-seeking-refuge-in-a-shelter

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට නියම වූ සිරදඬුවම අත්හිටවූ සිරදඬුවමක් බවට පත් කරගැනීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාව මත ඔහුගේ බිරිඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.




අදාළ අධිකරණ විනිසුරුවරයා පෙළඹවීමේ අරමුණින් මෙම අල්ලස් මුදල් ලබාදීමට කටයුතු කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබන අතර, අත්අඩංගුවට පත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.