update-there-were-no-external-or-internal-injuries-on-chulas-body-coroner

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඇගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය පිළියන්දල, තුම්බෝවිල, ගංගාරාම පාරේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගන්නා ලදී.

වෛද්‍ය වාර්තාවලට අනුව ඇගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොමැති බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.




පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව, මියගිය නිරූපණ ශිල්පිනිය අදාළ ව්‍යාපාරිකයා සමඟ පසුගිය 31 වනදා අලුයම 5.00 ට පමණ පිළියන්දල පිහිටි මෙම නිවසට පැමිණ ඇති බවයි. පසුව කාමරයක මුනින් අතට නිදාගැනීමට ගිය ඇයව එදින දහවල් 12.45 ට පමණ අවදි කිරීමට උත්සාහ කළද කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ඇය නිදා සිටි ස්ථානයේ කොට්ටය සහ ඇඳ ඇතිරිලි මත ලේ තැවරී තිබෙනු දැක අදාළ ව්‍යාපාරිකයා විසින් 1990 සුව සැරිය ගිලන් රථ සේවය අමතා තිබේ.

එහි පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමෙන් පසුව,



අදාළ ව්‍යාපාරිකයා මෙන්ම මියගිය නිරූපණ ශිල්පිනියගේ මව ද මේ පිළිබඳව පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ස්ථානීය හා මළසිරුරු පරීක්ෂාව සිදුකළාය. මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව කළුබෝවිල රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

news-2026-09-01-135931