police-release-photo-of-man-who-kidnapped-13-year-old-girl-in-golf-course

කොළඹ ගාලු මුවදොර පිටියේදී 13 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ලවූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම අපරාධ සිදුවීම 2026 ජනවාරි 23 වන දින කොටුව පොලිස් කොට්ඨාස බලප්‍රදේශය තුළදී සිදුව ඇති බව වාර්තා වේ.




සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අදාළ සැකකරු හඳුනාගැනීම සඳහා පොලිසිය විසින් එම පුද්ගලයාගේ රූපමය සටහනක් (composite sketch) ද ප්‍රසිද්ධියට පත්කර ඇත. අපරාධයට සම්බන්ධ පුද්ගලයා සොයාගැනීමට හෝ හඳුනාගැනීමට උපකාරී වන යම් තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම සැකකරු හෝ සිද්ධිය පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙක් වේ නම් 071-8591560 අංකය ඔස්සේ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත හෝ 011-2432635 යන දුරකථන අංකය ඔස්සේ කොටුව පොලිස් ස්ථානය වෙත වහාම දැනුම් දෙන ලෙස පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.

police-release-photo-of-man-who-kidnapped-13-year-old-girl-in-golf-course