ප්‍රකට රංගන ශිල්පී කලණ ගුණසේකර විවාහ දිවියට පිවිස තිබේ. ඔහු අතගත් මනාලිය රුචිනි විජේසුන්දරයි.
රුචිනි මූල්‍ය සමාගමක සේවය කරන අතරම ගායිකාවක ලෙස ප්‍රසිද්ධිය. රුචිනිගේ සීයා වන්නේ කොළඹ සරසවියේ නැසීගිය කීර්තිමත් විද්වතෙකුවූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරයි. ඇගේ පියා වෛද්‍යවරයෙකි. රුචිනි කළමනාකරණ උපාධිධාරිනියකද වෙයි. කලණ ගුණසේකර වඩාත් කථාබහට ලක්වූයේ 'කූඹියෝ' ටෙලි නාටකයෙන් පසුය. ඔහු පසු කලෙක වේදිකා නාට්‍ය ශිල්පියෙකු ලෙසද ප්‍රකට වූ අතර අරගල සමයේ කැපී පෙනෙන භූමිකාවක නිරත වූයේය.



