ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය හෙට (02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අද (01) දින පෙත්සම්කාර පාර්ශ්වය විසින් සිදු කරන ලද දේශන ඉදිරිපත් කිරීම රාත්‍රී 10.30 ට පමණ අවසන් වූ අතර, එම පාර්ශ්වයේ ඉතිරි කරුණු දැක්වීම් හෙට දිනය දක්වා කල් තැබීමට අධිකරණය පියවර ගත්තේය.
ඊට අනුකූලව හෙට දිනයේදී පෙත්සම්කරුවන්ගේ වැඩිදුර දේශන සලකා බැලීමට නියමිත අතර, මෙම පෙත්සම්වලට අදාළ අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එදිනට සිදු කිරීමට නියමිතව තිබේ.