malima-mp-arrested-for-fraud-worth-25-million-rupees

දේපළ වෙළඳාම් සමාගමකට රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට අධික මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර මහතා ලබන සැප්තැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.




සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි. පසුව ඔහුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වී තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන ගිය "කබානා" ව්‍යාපෘතියක කොන්ත්‍රාත් කොන්දේසි ඉටු නොකිරීම හේතුවෙන් මෙම මූල්‍ය පාඩුව සිදුව ඇති බව අදාළ සමාගම ගොනු කළ නඩුවේ සඳහන් වේ.

අදාළ ගිවිසුමට අනුව කබානා 18කින් සමන්විත මෙම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 11 වනදා වන විට සම්පූර්ණයෙන් නිමා කර භාර දීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, එම නියමිත කාලසීමාව ඇතුළත මන්ත්‍රීවරයා විසින් නිම කර ලබා දී ඇත්තේ කබානා 14ක් පමණක් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.




මෙලෙස නියමිත දිනට ව්‍යාපෘතිය අවසන් නොකිරීම නිසා තමන්ට සිදු වූ දැවැන්ත පාඩුව වෙනුවෙන් අදාළ දේපළ වෙළඳාම් සමාගම විසින් මෙලෙස අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයව