namal-who-is-in-prison-for-bribery-is-allowed-to-enter-and-leave-parliament

එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවේ ඩොලර් මිලියන 100 ක අල්ලසක් ලබාගැනීම නිසා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇත.




පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ලිපියක් යොමු කරමින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ, සභාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සලකා බලමිනි. ඒ අනුව හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු වාරය සඳහා රාජපක්ෂ මහතා පැමිණීමට බොහෝ දුරට ඉඩ පවතී.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලබා අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතාව, එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය ඉකුත් සැප්තැම්බර් 4 වැනිදා නියෝග කර තිබිණි.