miltons-son-says-his-father-never-left-the-country-because-he-was-afraid-the-plane-would-crash

මිල්ටන් මල්ලවාරච්චි කිසිම දවසක ගුවන්ගත වීමක් නොකරපු එකම කලාශිල්පියා බව ඔහුගේ පුත් රනිල් පවසා තිබේ. රංගනගේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙසේ කියා තිබේ.




"ඇත්තටම තාත්තා කවදාත් විදෙස්ගත වෙලා නැහැ. එයාර්පෝට් එක නම් දැකලා තියෙනවා—කවුරුහරි ඇරලවන්න යනකොට, නැත්නම් කවුරුහරි එක්කෙන්න එනකොට. නමුත් විදේශගත වුණේ නැහැ. මොකද ඒකට හේතුව එයා බයයි ෆ්ලයිට් එක කඩන් වැටෙයි කියලා. මොකද ඒ කාලේ, දැන් 1970 ගණන්වල යාපනයේ ෂෝස් තියෙනකොට, රත්මලානෙන් ඉතින් අනිත් ගායකයෝ ඔක්කොම ප්ලේන් එකේ තමයි යන්නේ. යාපනයට මෙයා යන්නේ කෝච්චියේ. කෝච්චියේ නැඟලා... අරගොල්ලෝ පැය භාගෙන් විතර යාපනේ යනවා. මෙයා ඉතින් පැය හයක් හතක් විතර කෝච්චියේ නැඟලා යාපනයට යනවා තනියම. එයා ප්ලේන් එක කඩන් වැටෙයි කියලා තමයි බය තියෙන්නේ. නැත්නම් "නැව එනවා නම් එන්න පුළුවන්" කිව්වා.

තාත්තට ඉස්සෙල්ලාම මේ විදේශ සංචාර ගැන කතා කරලා... 70 ගණන්වල එංගලන්තයේ සංචාරයක් කතා කරා. එතකොට තාත්තගේ මිත්‍රයෝ සෑහෙන උත්සාහ කරා තාත්තට කියන්න—"ඕස්ට්‍රේලියාවේ, එංගලන්තයේ... මචං මිල්ටන්, වරෙන් මචං, මම ඉන්නවනේ උඹට" කියලා.




"ඕන නම් මෙහෙ ඉන්න ගමන් මගේ සින්දු කියන්නම්, මම නම් ඔහේ එන්නේ නැහැ" කියලා, "ඕන නම් ටිකට් එකක් එවුවට, මම නම් යන්නේ නැහැ" කිව්වා. ඒ අර බයට. හැබැයි ඉතින් ඒක දෛවය කියන්නේ, අන්තිමට මුණුපුරා පවන් ගුවන් නියමුවෙක් වුණා! "