mahinda-in-anuradhapura-polonnaruwa-anuradhapura-rallies---how-mahinda-got-up-video

ආණ්ඩුවට වසර දෙකයි – රටට සුබයි යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (12) ජන රැළියක් පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වෙයි. ජාතික ජන බලවේග රජය බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ජාතික ජන රැලි මාලාවේ ගොවි රැලිය අද (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඊට විශාල පිරිසක් එක්ව තිබුණි.

ජනපති අනුර කුමාර සහ ඇමතිවරුන් කතා පවත්වා තිබේ.

මේ අතර “ජන සටන” මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේදී පවත්වන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, රාමනාදන් අර්ච්චුනා යන මහත්වරුන් ද සහභාගී වී සිටිති. මෙම රැළියේදී මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන නමුත් කතාවක් පවත්වන්නේ නැති අතර ඔහුව වත්තං කරගෙන වේදිකාවට නැග්ගවීම සඳහා පිරිසක් යුහුසුළුව කටයුතු කරනු වීඩියෝ වලින් වාර්තා විය.

gossiplanka image