අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන සටන’ රැලිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, රට එක්සේසත් කිරීමට මූලිකත්වය දුන් නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගෞරවයක් ලෙස ඒ මහතාගේ මරණයට පෙර නාමල් රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවයි.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉටුකළ යුතු ප්‍රධානතම යුතුකම සහ වගකීම එය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් සමස්ත ජනතාව එකාමෙන් ඒකරාශී විය යුතු බව සඳහන් කළේය.
එහිදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“මම ඉල්ලන්නේ එක ඉල්ලීමයි, ඒක කරන්න ලෑස්තිද ? තමුන්නාන්සෙලා රජරට මිනිස්සු ලෑස්තිද ? මොකක්ද කළයුතු වෙන්නේ ? ඔබ කළයුතු වෙන්නේ එක දෙයයි. මේ රට එක්සේසත් කරපු නායකයා, රටම හදපු නායකයා, ඒ නායකයා වෙනුවෙන් අපිට යුතුකමක් තියෙනවා ඉටුකරන්න. අපි ඉපදුණු කවුරුත් මැරෙනවා. හැබැයි අපිට වගකීමක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇස් දෙකට පේන්න, සියලුම ජනතාව එකට ඒකරාශී කරලා නාමල් රාජපක්ෂව මේ රටේ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ වගකීම ඉටුකරන්න. ඒක විතරයි ඔබ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන ගෞරවය බවට පරිවර්තනය වෙන්නේ”