kathak-arrested-after-tearing-up-warrant-at-police-station-and-dancing-like-a-devil

බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවක් ඉරා දමා, කුරුණෑගල මැල්සිරිපුර පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලැබූ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැල්සිරිපුර, කිරිවානයාය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තැනැත්තියකි.




පොලිසිය සඳහන් කරන පරිදි, මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුව පිළිබඳව දැනුම් දී ඇය පොලිස් ස්ථානය වෙත කැඳවා ඇත. අනතුරුව මැල්සිරිපුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් අදාළ වරෙන්තුව පෙන්වා දී ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට දැඩි ලෙස විරෝධය පළ කර ඇති ඇය, උස් හඬින් කෑගසමින් අධිකරණ වරෙන්තුව ඉරා පොඩි කර විසි කරදමා ඇත. පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම, අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රතිවිරෝධය දැක්වීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.