chef-dies-after-falling-from-top-floor-of-hotel-in-katunayake

කටුනායක පිහිටි හෝටලයක ඉහළ මහලකින් බිමට වැටීමෙන් එහි සේවය කළ අරක්කැමියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සීදූව පොලිසිය වාර්තා කරයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෝයගනේ, ඉසුරු පෙදෙස ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදීප් ප්‍රියශාන්ත නැමැති අයෙකි.




පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ සේවකයා පසුගිය 15 වනදා රාත්‍රී කාලයේ සිය රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ආපනශාලාවේ ඉහළ මහලේ පිහිටි තමා නවාතැන්ගෙන සිටි කාමරය වෙත ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී අදාළ ආපනශාලාවේම සේවය කරන තවත් සේවකයින් දෙදෙනෙකු ඊට යාබදව පිහිටි වෙනත් කාමරයක රැඳී සිට තිබේ.

සිද්ධිය වූ දිනයේ මියගිය තැනැත්තා සහ එම කාමරයේ සිටි වෙනත් පුද්ගලයෙකු අතර කිසියම් ආරවුලක් හටගෙන ඇති බවටද තොරතුරු හෙළි වී ඇත. කෙසේ වෙතත් මෙම අනතුර සිදු වූ නිශ්චිත ආකාරය හෝ ඊට මුල් වූ හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

chef-dies-after-falling-from-top-floor-of-hotel-in-katunayake