අරාව, මොරුගල ප්‍රදේශයෙන් බලපත්‍ර නොමැතිව අමානුෂික ලෙස ලොරියක පටවාගෙන බදුල්ල දෙසට හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි ගවයන් පස්දෙනෙකු සමඟ සැකපිට පියෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු අරාව පූනගේවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අරාව පොලීසිය සමත්ව තිබේ. ඊයේ (2) අලුයම කාලයේ සිදු කළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පියෙකු සහ අවුරුදු 19 හා 26 යන වයස්වල පසුවන ඔහුගේ පුතුන් දෙදෙනෙකි.
ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ලොරිය පරීක්ෂා කරන අවස්ථාවේදී, නීත්‍යානුකූල බලපත්‍ර කිසිවක් නොමැතිව අවුරුදු 2ත් 10ත් අතර වයස්වල පසුවන ගවයින් පස්දෙනෙකු ඉතා තදබද වන සේ සිරකර හිංසාකාරී ලෙස ප්‍රවාහනය කරමින් සිටි බව හෙළි වී ඇත. මොරුගල ප්‍රදේශයෙන් පටවාගෙන ඇති මෙම ගවයින් බදුල්ල ප්‍රදේශයට රැගෙන යාමට සැලසුම් කර තිබූ බව පරීක්ෂණවලදී වැඩිදුරටත් තහවුරු වී තිබේ.
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ සහ සහකාර පොලිස් අධිකාරි I වේහිත දේහප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් යටතේ අරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. මෙම පරීක්ෂණ කණ්ඩායමට උප පොලිස් පරීක්ෂක ජියාරත්න, පොලිස් සැරයන්වරුන් වන 63599 වරුණ, 34543 ප්‍රේමරත්න, 72900 එරංග, 29628 හේරත්, 89923 කුමාර සහ 61640 දිසානායක යන නිලධාරීහු ඇතුළත් වෙති.