its-still-not-clear-to-me-that-my-forgiveness-to-the-monk-was-wrong---maithripala

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබූ ජනාධිපති සමාව අහෝසි කරමින් ප්‍රකාශයට පත් වූ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමන් සැමවිටම කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවයි.




එහිදී අදාළ තීන්දුව පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“මම ඒ ගැන තවම හරියට විස්තර දන්නේ නැහැ. මුකුත් ඒ ගැන මට තවම කියන්න බැහැ.”




එම සමාව නිසි අධ්‍යයනයකින් ලබා දුන්නේ නැද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ඔව්, ඉතින් ඒක මම මගේ කාලයේ හැටියට මම ගොඩක් සානුකූලව කරලා තියෙනවා. ඉතින් ඊළඟට මට කියන්න බැහැ මේ දැන් මොන තත්ත්වයක් යටතේද කියලා. මොකද 19 වෙනි සංශෝධනය යටතේ මගේ බලතල මං අයින් කළා. මගේ නිල කාලය අයින් කළා. බලතල අඩු කළා. ඊට පස්සේ මගෙන් පස්සේ ආපු රජයේ අය නැවත එය ඉවත් කරලා 19 වෙනි සංශෝධනයේ තියෙන බලතල… 20 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරලා, ඒ තුළ ඉතින් ජනාධිපතිවරයාට විශාල බලතල රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ගැන කියන්න පුළුවන්කමක් නැහැ.”