එක්සත් රාජධානියේ ඔක්ස්ෆෝර්ඩ්ෂයර් හි පිහිටි 350 ක පමණ ජනගහනයකින් යුත් කුඩා ගම්මානයක් වන පින්ඩින්ටන් (Piddington) හි වැසියන්, තම ගමට ආසන්නයේ සරණාගතයන් පදිංචි කරවීමට බ්‍රිතාන්‍ය රජය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් එක්සත් රාජධානියෙන් ස්වාධීන වන බව ප්‍රකාශ කර තිබේ. ගම්මානයේ සමස්ත ජනගහනය මෙන් සිව්ගුණයකට ආසන්න සරණාගතයින් පිරිසක් නැවැත්වීමට රජය සැලසුම් කිරීමත් සමඟ, ඊට එරෙහිව පැවැත්වූ ගම්වාසීන්ගේ ඡන්ද විමසීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
බීබීසී සහ ගාඩියන් පුවත් සේවාවන්ට අනුව, ඉකුත් 15 වනදා පැවැති මෙම ජනමත විමසීමේදී ස්වාධීන වීමට පක්ෂව ඡන්ද 285 ක් හිමිවූ අතර ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 26 ක් පමණි. බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආසන්න භූමියක පිරිමි සරණාගතයින් 1,256 දෙනෙකු තාවකාලිකව පදිංචි කරවීමට රජය සැලසුම් කර ඇති බව දැනගැනීමෙන් පසුව ගම්වාසීන් මෙලෙස සංවිධානය වී තිබේ. මෙම සැලසුම මගින් තම ප්‍රදේශයේ අපරාධ අනුපාතය ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවට ගම්වාසීහු චෝදනා කරති.
තම අදහස් දක්වමින් 76 හැවිරිදි හර්බට් ඕවන් නැමැති ප්‍රදේශවාසියා ටෙලිග්‍රාෆ් පුවත්පතට පවසා ඇත්තේ, මෙය පින්ඩින්ටන් ගම්මානයට පමණක් නොව මුළු බ්‍රිතාන්‍යයටම බලපාන ගැටලුවක් බවයි. රජයේ මෙවැනි ක්‍රියාමාර්ග මගින් රට අස්ථාවර වන බවත්, සරණාගතයින් රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවුවද වෙනත් ඕනෑම තැනකට යැවුවද එය සාමාන්‍ය ජනතාවගේ ජීවිත විනාශ කිරීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රාදේශීය පාරිෂ්දික සභාවේ (Parish Council) මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම ඡන්ද විමසීමට නෛතික බලයක් නොමැති අතර, එය රජයට තම විරෝධය පළකිරීමේ සංකේතාත්මක පියවරක් පමණක් වේ. එසේ වුවද, ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු පසුදින එනම් 16 වනදා ගම්වාසීන් විසින් ගම්මානයේ ඇතුළුවන ස්ථානයේ 'පින්ඩින්ටන් රාජ්‍යය' (Principality of Piddington) ලෙස සඳහන් නාමපුවරුවක් සවි කිරීමට කටයුතු කර තිබුණි. මෙම පියවර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ හොඳ උදාහරණයක් බවත්, රජය ජනතාවගේ සිතුවිලිවලට අනුකූලව වෙනස් විය යුතු බවත් පින්ඩින්ටන් පාරිෂ්දික සභාවේ සභාපති ටිම් මැක්නලි පවසා ඇත.
මේ අතර, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්නම් ප්‍රකාශ කර ඇත්තේ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ දැඩි හැඟීම් තමන් වටහා ගන්නා නමුත්, ප්‍රදේශයේ ගැටලු පරීක්ෂා කරන අතරම රටේ සියලුම ප්‍රදේශ සඳහා සාධාරණ සැලසුමක් සකස් කිරීම වැදගත් වන බවයි. එමෙන්ම සංස්කෘතික අමාත්‍ය ලීසා නන්දි ද මෙම සැලසුම නැවත සලකා බැලීමේ අදහසක් නොමැති බව ඇඟවුම් කරමින් කියා සිටියේ, මීට වඩා වෙනස් තීරණයක් ගැනීමෙන් දැනටමත් විශාල වශයෙන් සරණාගතයින් භාරගෙන ඇති වෙනත් ප්‍රදේශවලට අසාධාරණයක් සිදුවන බවයි. කෙසේ වෙතත්, නීති විරෝධී ලෙස රැඳී සිටින පිරිස් කඩිනමින් පිටුවහල් කිරීමට කටයුතු කරන අතරම, රටට පැමිණෙන ජනතාවට නවාතැන් දීමේ වගකීමද ඉටු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
