37-year-old-son-in-law-arrested-for-raping-68-year-old-mother-in-law-after-threatening-to-kill-her

කෑගැසුවහොත් බෙල්ල මිරිකා මරා දමන බවට තර්ජනය කරමින් සිය 68 හැවිරිදි නැන්දම්මා බලහත්කාරයෙන් දූෂණයට ලක් කළ බවට චෝදනා ලැබූ යුද හමුදා සෙබළෙකු නිරප්පනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.




ඉකුත් 23 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට පත්ව ඇති සැකකරු යුද හමුදා කඳවුරක පුහුණු පාසලකට අනුයුක්තව රාජකාරි කරනු ලබන 37 හැවිරිදි හමුදා සෙබළෙකි. ඔහු පැමිණිලිකාර නැන්දම්මාගේ වැඩිමහල් දියණියගේ ස්වාමිපුරුෂයා බව ද අනාවරණය වී ඇත. පැමිණිලිකාර කාන්තාව රාත්‍රී කාලයේ සිය නිවසේ කාමරය තුළ නිදා සිටියදී අයුතු ලෙස නිවස තුළට ඇතුළු වී ඇති මෙම බෑණා, ඇය කෑගැසුවහොත් බෙල්ල මිරිකා ඝාතනය කරන බවට පවසමින් අදාළ අපරාධය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු එල්ල කළ මරණ තර්ජන හේතුවෙන් දැඩි ලෙස බියට පත් වූ එම වයෝවෘද්ධ කාන්තාව, ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එමෙන්ම මෙම සිද්ධියට මුහුණ පෑ වයෝවෘද්ධ කාන්තාව පරීක්ෂණ සඳහා අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමට නියමිතව තිබූ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.