tilvin-explains-the-difference-between-harinigas-npp-group-and-the-pelawatte-jvp-group

ඉරිදා සතිඅන්ත පුවත්පතට ලබාදී ඇති සම්මුඛ සාකච්ඡාවකදී සිය පක්ෂ අභ්‍යන්තරයේ පවතින බෙදීම සම්බන්ධ ‍පළවන කටකතා ගැන ටිල්වින් සිල්වා පැහැදිලි කිරීමක් කර තිබේ.




අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රි­යට විරු­ද්ධව පැල­වත්තෙ කණ්ඩා­ය­මක් වැඩ­ක­ර­නවා කියලා යන කතාවෙ ඇත්ත මොකක්ද...?

මෙහෙ­මයි, ඕක ඉළ­ඇ­දෙන විහි­ළු­වක්නෙ. මට හිතෙන්නෙ විප­ක්ෂයේ අය ඔය වගේ ඉන්න එක අපිට හරි වාසියි. මොකද කව­දා­වත් සිද්ධ­ වෙන්නෙ නැති, කවු­රු­වත් විශ්වාස කරන්නෙ නැති අව­ලා­ද­යක් එක්ක ඉන්න එක ඔවුන්ට අවා­සියි. මොකද තවත් අවු­රුදු 10ක් ගියත් තත්ත්වය මේක­මනෙ. දැන් ඇත්ත­ටම ජේවීපී, එන්පීපී කියලා බෙදන්න බෑ. අපි ඔක්කොම දේදුන්න වගේ ඉරක් ගහලා වෙන්ක­රන්න පුළු­වන් තැනක නෑ. හරිනි සහෝ­ද­රි­යයි, අපියි අතර තියෙන්නෙ ඉතාම හොඳ මිත්‍ර­ත්ව­යක්, බැඳී­මක්. අපේ පක්ෂයෙ හැමෝම අනුර සහෝ­ද­ර­යට ආද­රෙයි, හරිනි සහෝ­ද­රි­ය­ටත් ආද­රෙයි. විරු­ද්ධ­වා­දීන් හිත­නවා, එන්පීපී එකත් ඒගො­ල්ලොන්ගෙ පක්ෂ වගේ කියලා. එහෙම එකක් නම් අපිට මෙච්චර දුර යන්න බෑ. මේක එහෙම එකක් නෙමෙයි. එක තැනක තිබුණා, මමයි අනුර සහෝ­ද­ර­යයි හරිනි සහෝ­ද­රි­යට වස දෙන්න යනවා කියලා. ඉතින් එත­රම්ම බොරු­වක් කියන්න තරම් තැන­කට විප­ක්ෂය වැටුණු එක ගැන අපිට සතු­ටුයි කියලා තමයි කියන්න තියෙන්නෙ.