බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය. මෙරට වේලාවෙන් අද අලුයම නිමාවට පත් වූ මෙම තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් සටහන් කරමින් ඔහු මෙම අභිමානවත් ජයග්‍රහණය හිමිකර ගත්තේය.
මෙම අතිවිශිෂ්ට දස්කමත් සමඟ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක ශූරතාව දිනාගත් ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග ඉතිහාස පොතට එක්විය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සටහන් කිරීමට මෙම ජයග්‍රහණය සමත් විය.
තරගය පුරා රුමේෂ් තරංග වෙතින් එල්ල වූ ප්‍රබල අභියෝගය හමුවේ පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් හට දෙවන ස්ථානය හිමි වූ අතර, මෙම ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට කෙෂූ වෝල්කට් සමත් විය.