a-part-of-the-building-collapsed-and-the-work-of-the-colombo-district-court-was-suspended

කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක කොටසක් පසුගිය සෙනසුරාදා (29) කඩා වැටීම හේතුවෙන් ඊයේ (31) දින එම අධිකරණයේ කටයුතු සිදු නොවීය. එමෙන්ම, මෙම සිදුවීමත් සමඟ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රය තුළට වාහන ඇතුළු කිරීමට අවසර නොදෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.




සඳුදා දින විභාගයට ගැනීමට නියමිතව තිබූ සියලුම නඩු වාර 2026 සැප්තැම්බර් 30 වන දින කැඳවීමට නියමිතව ඇත. ඉදිරියේදී අධිකරණ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය පිළිබඳව විනිශ්චයකාරවරුන් විසින් ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දෙනු ඇත.

මීට අමතරව, යම් වාරණ නියෝග දීර්ඝ කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, අධිකරණ ලේඛකාධිකාරීවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් ඒ සඳහා කටයුතු සලසා ගත හැකි බවද වාර්තා වේ.

a-part-of-the-building-collapsed-and-the-work-of-the-colombo-district-court-was-suspended