namal-remanded-for-up-to-6-months-in-the-krrish-case-and-up-to-13-months-in-the-airbus-case

බන්ධනාගාරගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (29) පෙවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබූ අතර,

මෙලෙස මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩු විභාගය සහ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයන් සඳහාය. එයාර් බස් නඩව අනුව එහිදී ඔහුගේ රිමාන්ඩ් භාරය ලබන ඔක්තෝබර් මස 13 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළේය. මීට අමතරව එයාර්බස් ගනුදෙනුව හා සබැඳි මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ විමර්ශනයක් 

සහ නීතිමය පියවර ගැනෙමින් පවතී. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුවේ සිව්වන සැකකරු ලෙසද නාමල් රාජපක්ෂ මහතාව නම් කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුව පිහිටි ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය 'ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලොම්බෝ' පෞද්ගලික සමාගම වෙත බදු දීමේදී රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, එකී නඩුවට අදාළව ඔහුව ලබන මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. එමෙන්ම, සැකකාර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ඔහුව සෘජුවම බන්ධනාගාරය වෙත කැඳවාගෙන යන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේය.