24-hour-water-cut-to-several-areas-including-nugegoda-kohuwala-dehiwala-moratuwa-tomorrow-03

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු කිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශ කිහිපයකට හෙට (03) රාත්‍රී 8.00 සිට සිකුරාදා (04) රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.




මෙම පියවරත් සමඟ නුගේගොඩ, කොහුවල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, අඟුලාන, ඉඳිබැද්ද, කටුබැද්ද, කල්දෙමුල්ල, මෝදර, කොරළවැල්ල, එගොඩඋයන සහ කටුකුරුන්ද යන ප්‍රදේශවල ජල සැපයුම පූර්ණ වශයෙන් අත්හිටවෙනු ඇත.

මීට අමතරව සෙත්සිරිපාය, හිඹුටාන, උඩුමුල්ල පාර, මාලිගාගොඩැල්ල, බැංකු හන්දිය පාර, ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත, හැව්ලොක් පාර, කල්‍යාණි පාර, කොළඹ 06, රෝහල් වටරවුම් පාර, ජයන්ති මාවත සහ ශාන්ති මාවත යන පාරිභෝගික කලාපවලටද මෙම ජල කප්පාදුව බලපාන බව සඳහන් වේ.




ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතාව පිළිබඳව තම කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, අදාළ කාල සීමාව ඇතුළත හැකි තරම් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.