chulas-funeral-today-02-evening---a-bouquet-of-flowers-from-her-businessman-boyfriend-video

අභාවප්‍රාප්ත වූ ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, ඇයගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ. බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි එක්දරු මවක වන ඇය පසුගිය 31 වැනිදා පිළියන්දල, තුම්බෝවිල, ගංගාරාම පාරේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයාගැනිණි.

අද අවමංගල කටයුතු අතරතුර දේශපාලනයට සම්බන්ධ බව කියන එම ව්‍යාපාරිකයාද විශාල මල් කළඹක් රැගෙන විත් ඇය ඉදිරියේ සංවේදී ලෙස ශෝකය පළකිරීම විශේෂිත විය.




පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, මියගිය නිරූපණ ශිල්පිනිය බත්තරමුල්ල වොටර්ස්ඒජ්හි සංවිධානය කරන ලද උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව, අදාළ ව්‍යාපාරිකයා සමග එදින අලුයම 5.00 ට පමණ පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබේ. පසුව ඇය එහි තිබූ කාමරයක නින්දට ගොස් ඇති බව සඳහන් වේ.

එදින දහවල් 12.45 ට පමණ ඇයව අවදි කිරීමට උත්සාහ කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය කැඳවා තිබේ. එහි පැමිණි සෞඛ්‍ය සේවකයින් විසින් පරික්ෂා කිරීමෙන් පසුව ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත. ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලමක්ද දක්නට ලැබුණු බැවින් අදාළ ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබඳව පිළියන්දල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයා සමග චූලාගේ මවද පොලිසියට ගියාය. මරණය සිදුව ඇති ආකාරය තවම ප්‍රකාශයට පත්කර නැත.




මෙම හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව ඊයේ (01) ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඇයගේ සිරුරේ අභ්‍යන්තර හෝ බාහිර තුවාල හඳුනානොගත් බවත් වැඩිදුර වමර්ශන අවශ්‍ය බවත් එහිදී කියැවී තිබුණි. සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පිළියන්දල පොලිසිය විසින් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

gossiplanka image