22-hospitalized-in-minneriya-bus-accident

පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, 7 කණුව දේවාල වංගුව අසලදී මැදිරිගිරිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල වූ ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබේ.




අද (10) අලුයම 4.45 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, අනතුරින් තුවාල ලැබූ මගීන් 22 දෙදෙනෙකු වහාම හිඟුරක්ගොඩ සහ හබරණ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පාලනය කරගත නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන ඇළ මාර්ගයට පෙරළී ඇති අතර, අනතුර සිදු වූ මෙම ප්‍රදේශය නිතර රිය අනතුරු සිදුවන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

22-hospitalized-in-minneriya-bus-accident



22-hospitalized-in-minneriya-bus-accident

22-hospitalized-in-minneriya-bus-accident