21-year-old-stabbed-to-death-after-being-told-he-couldnt-return-his-mortgaged-phone

ජංගම දුරකතනයක් මුදල්වලට උකස් කිරීමේ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් වන්නි පලුගොල්ලෑව මහ මාර්ගයේදී තරුණයෙකුට උල් පිහියකින් ඇන ඝාතනය කර තිබේ. පසුගිය 12 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වන්නි පලුගොල්ලෑව, ගම්බිරිගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි පියසිරිගේ ලකිදු ලක්ෂාන් නමැති තරුණයෙකි.




උකස් කර තිබූ ජංගම දුරකතනයක් නැවත බේරාගැනීමට ගිය අවස්ථාවේදී මියගිය තරුණයා සහ සැකකරු අතර හටගත් බහින්බස්වීමක් කෙළවර වී ඇත්තේ දෙදෙනාම උල් පිහිවලින් එකිනෙකාට ඇනගැනීමෙනි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ලකිදු ලක්ෂාන් වහාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.




මෙම ඝාතනයට සම්බන්ධ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි ප්‍රධාන සැකකරු මෙන්ම, ප්‍රහාරය සඳහා පිහිය ලබාදුන් බව කියන 29 හැවිරිදි සැකකරු ද පරසන්ගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. අන්වර්දීන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.