කොළඹ නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට සාර්ථක විසඳුමක් ලබාදීමේ අරමුණින් සහ මගී ජනතාවට වඩාත් ආරක්ෂිත මෙන්ම පහසු ප්‍රවාහන අත්දැකීමක් උරුම කරදීම වෙනුවෙන් නවතම මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) දිනයේ සිට මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිතව ඇත. බස්නාහිර පළාත ආවරණය වන පරිදි ප්‍රධාන මාර්ග 07ක් ඔස්සේ මෙම බස් රථ ධාවනය කෙරෙනු ඇති බව අදාළ බලධාරීන් පෙන්වා දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම නවතම බස් රථ සේවාව ජනතා අයිතියට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් ආයතනයේ සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා ප්‍රකාශ කළේය. කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සේවාව සම්පූර්ණයෙන්ම නිශ්චිත කාලසටහනකට අනුව සිදුවන බැවින්, මගීන්ට කිසිදු ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට සිය ගමනාන්ත වෙත ළඟාවීමට මින් අවස්ථාව සැලසේ.
කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන අතිවිශාල පෞද්ගලික වාහන ප්‍රමාණය සීමා කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වී තිබේ. ඒ හරහා පොදු ප්‍රවාහන සේවා භාවිතය සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු කරවා ගනිමින්, කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදය සඳහා දිගුකාලීන සහ තිරසාර විසඳුමක් නිර්මාණය කිරීම ඔවුනගේ ප්‍රධාන ඉලක්කය බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
