ගම්පහ පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඊයේ (30) පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ පිරිස අතරින් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. මෙලෙස මළ සිරුරු සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවකගේ සහ අවුරුදු 04 සහ 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ බව පොලීසිය තහවුරු කරයි.
මෙම අනතුරින් අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් පරීක්ෂණ සහ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. දියේ ගිලීමට ලක්වූ මෙම පිරිස ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අතුරුදන් වූ අනෙක් දරුවා සොයා නාවික හමුදාවේ සහාය ඇතිව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
