srilankan-flights-between-kuwait-and-colombo-to-resume

මැදපෙරදිග කලාපයේ හටගත් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ කුවේටය සහ කොළඹ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මේ බව තහවුරු කර ඇත.

අදාළ කලාපයේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය මීට පෙර තීරණය කර තිබිණි. කෙසේ වෙතත්, පවතින තත්ත්වය නැවත සමාලෝචනය කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ සිට පෙර පරිදිම අදාළ ගුවන් ගමන් මෙහෙයුම් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ.