samitpura-chathu-captured-in-oman-is-brought

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද (18) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. ඕමානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද 28 හැවිරිදි මෙම සැකකරු මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත.




මිනීමැරුම්, බරපතළ අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෝම්බයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. මෙම බරපතළ ගණයේ අපරාධ හේතුවෙන් මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

samitpura-chathu-captured-in-oman-is-brought

samitpura-chathu-captured-in-oman-is-brought

samitpura-chathu-captured-in-oman-is-brought