ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත. ඒ මහතා 2010 - 2012 කාල වකවානුව තුළ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකි.
දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ ඒවා නඩත්තු කිරීමට අදාළ කටයුතුවලදී අනුමත නිසි ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකිරීම පිළිබඳ එල්ල වූ චෝදනාවක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.