navy-rescues-two-children-in-lake-gregory

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවකින් ජල ක්‍රීඩාවල නිරත වෙමින් සිටියදී එම යාත්‍රාව පෙරළී යාමෙන් දියේ ගිලීමේ දැඩි අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.




ග්‍රෙගරි වැව පරිශ්‍රයේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයට අයත් නාවිකයන් පිරිසක් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකර ඇත.

මෙලෙස අනතුරෙන් බේරාගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11 සහ 13 යන වියෙහි පසුවන දරුවන් දෙදෙනෙකි.




නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම විසින් නිරුපද්‍රිතව මුදාගත් මෙම දරුවන් දෙදෙනා පසුව නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.