even-if-namal-rajapaksa-is-jailed-we-will-make-him-president-from-jail

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතා සිරගත කළද, සිරගෙදර සිට හෝ ඔහුව මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීමට තම පක්ෂය කටයුතු කරන බව හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. වර්තමාන ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් සිරගත කිරීමට උත්සාහ දරන බව පැවසූ ඔහු, රට තුළ විශ්වාසය තැබිය හැකි එකම ආයතනය වන අධිකරණය කෙරෙහි පවතින ජනමානසික විශ්වාසය පවා බිඳහෙළීමට පාලකයින් ක්‍රියා කරමින් සිටින බවට ද චෝදනා කළේය.




නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමේ මෙහෙයුමේ පළමු පියවර ලෙස සැප්තැම්බර් මස 12 වැනිදා අනුරාධපුර සල්ගාදු පිටියේදී ජන රැළියක් පැවැත්වෙන බවත්, ඒ සඳහා කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තරමේ දැවැන්ත ජනකායක් සහභාගී වීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් අතිවිශාල පිරිසක් ද එළඹෙන 12 වැනිදා පැවැත්වෙන රැස්වීමට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට සූදානමින් සිටින බව ගම්මට්ටමේ සංවිධාන කටයුතුවලදී තහවුරු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.




“හුඟක් අය මහින්ද රාජපක්ෂ මැතිතුමා හිරේ දාන්න බලනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිරේ දාන්න බලනවා.සමහර මැති ඇමතිවරු හිර්‍රෙ දාන්න උත්සහ දරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අධිකරණය පිළිබඳව අපට ලොකු විශ්වාසයක් තියෙනවා. එකම ඉතුරු වෙලා තියෙන්නේ අධිකරණය ගැන විශ්වාසය විතරයි. ඒකත් බිඳින්න උත්සහයක් දරනවා වර්තමාන ආණ්ඩුව. නාමල් රාජප්ක්ෂ මැතිතුමාව හිරේ දැම්මත් හිරේ ඉදලා හරි අපි ජනාධිපති කරනවා.”