husband-surrenders-to-police-after-hitting-wife-on-the-head-with-axe

නුවරඑළිය, බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ සිදුවූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ හිසට පොරවෙන් පහරදී ඇයව ඝාතනය කළ සැමියෙකු පොලීසිය වෙත භාරවී තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 43 හැවිරිදි චිත්‍රා දේවි නැමැති කාන්තාවකි.




පවුලේ ඇතිවූ යම් ආරවුලක් මුල් කරගනිමින් තමන් බිරිඳගේ හිසට පොරවෙන් පහරදී මෙම තුවාල සිදුකළ බව අදාළ සැකකරු පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත. පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, එහිදී ඇය මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය දැනට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකාර සැමියා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.